හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් දැනුම් දී තිබෙනවා.
නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7 700 කට ආසන්නයි. මේ අතර වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍යය බවට ෆින්ලන්තය පත්ව තිබෙනවා. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත […]
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 6.50ක් දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 7.50 දක්වා පහළ දමා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
කොළඹ ඇතුල්වන වාහන ගාල් කිරීමේදී කළයුතු ගෙවීම් දිගින් දිගටම පැහැර හරින වාහන හිමියන් සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව සදහන් කරනවා. ඒ අනුව ඒම ගෙවීම් පැහැර හරින වාහන සදහා රෝද අගුල් දැමීමට ද කොළඹ මහ නගර සභාව ඉකුත් දිනවලදී පියවර ගත් බවත් එලෙස දිගින් දිගටම නීති කඩන වාහන වලට සවිකර ඇති විද්‍යුත් […]
කොරෝනා වෛරසය හේතුවෙන් හොංකොං රජ්‍යයේ ඊයේ දිනයේ සිට දින 14 ක කාලයක්, තම නිවාසවලට වී රැඳී සිටිමින් රාජකාරි සිදුකරන ලෙස හොංකොං හි පෞද්ගලික සමාගම් කිහිපයක්ම සිය සේවකයින් හට දනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම වෛරසය මුහුණ දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම රාජ්‍ය අංශයේද හදිසි […]
ජනතාව විසින් මුදල භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රම සඳහා උනන්දු කිරීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2020 වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් කැදවමින්. එමෙන්ම මේ වන විට බැංකු විසින් මිලියන 23කට වඩා ප්‍රමාණයක් හර කාඩ්පත් නිකුත් කර ඇති බවත් පැවසු ඒ මහතා, හැකි සෑම අවස්ථාවක […]
චීනයේ හුබෙයි පළාතේ සිට රැගෙන එනු ලබන ඕස්ට්‍රලියානු පුරවැසියන් ඕස්ට්‍රලියාවේ කිලෝමීටර් 2000 ක පමණ දුරින් පිහිටි නත්තල් දුපතට යැවීමට කටයුතු කරන බව එරට අගමැති ස්කොට් මොරිසන් සදහන් කරනවා. අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඔවුන් අතර අසාධිතයන් සිටියහොත් ප්‍රධාන භුමියට වෛරස් ඇතුළුවීම වැලැක්වීම මෙහි අරමුණ බවයි. එම භුමියේ යම් කාලයක් ගත වීමට සලස්වා ආසාධිත නොවූ පුද්ගලයින් […]
මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස පත්ව තිබෙන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සදහා විශේෂයෙන්ම චීනයේ මුඛවාඩම් පැළදීම අනිවාර්ය කර තිබෙන අතර හේතුවෙන් චීන වැසියන් වැඩි වශයෙන් මෙම මුඛ ආවරණ මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වනවා. මේ හේතුව නිසාවෙන් වෙළදපොල තුල මෙම මුඛ ආවරණ හිග තත්වයකට පත්ව තිබෙන හෙයින් එයින් ප්‍රයෝජන ගන්නා කූට වෙළදුන් මෙම මුඛ ආවරණ […]
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. එසේම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනේල දොරවල් සවිකිරීම හා ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාවට […]
හෙට උදෑසන 8 සිට පැය 12 ක කාලයක් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා.