News Line| Off Air
Generic placeholder image

Jan
13

යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය නොමිලේ

Generic placeholder image

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ලබන යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.


Jan
13

ලැව් ගිනි හේතුවෙන් කොටු වී සිටින සතුන්ට ගුවනින් ආහාර

Generic placeholder image

ඔස්ට්‍රලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආහාර සොයාගැනීමට නොහැකිව සිටින සතුන්ට ගුවනින් ආහාර ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කැරට්, අර්තාපල් වැනි එළවලු කිලෝ 22.000 කට අධික ප්‍රමාණයක් මෙලෙස ගුවන් මගින් එම සතුන් සිටින ස්ථානයන්ට පතිත කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම එම එළවලු එම සතුන් කෑමට ගන්නා ආකාරය දැක්වෙන ජායා රූප කිහිපයක් විදෙස් මාධ්‍ය […]


Jan
13

අසර්බජාන් හී මිය ගිය දරුවන් වෙනුවෙන් ලක්ෂ 15ක්

Generic placeholder image

අසර්බජාන් හී මිය ගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අසර්බජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආග්‍රාණයවී මිය ගොස් තිබුණා. […]


Jan
13

පිලිපීනයේ ටාල් විධාරණය වෙයි

Generic placeholder image

පිලිපීනයේ ටාල් ගිනි කන්ද අද උදැසන සිට විධාරණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ හේතුවෙන් ඒ ගිනි කන්ද අවට සිටින ජනතාව සිය වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට එරට රජය නිවේදනය කර තිබෙනවා.


Jan
13

රංජන්ගේ දුරකථන සංවාද ගැන රස පරීක්ෂක විමර්ශන අරඹයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා. මෙම සීඩි තැටි හා පරිගණක […]


Jan
13

අගමැති යන්න තිබු තැනක් පරික්ෂා කිරීමේදී උණ්ඩ කිහිපයක් සමග පෑන් පිස්තෝලයක කොටසක් සොයා ගැනේ

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරයේ උත්සවයකට පෙර ඒ අසල මාර්ගය සෝදිසි කල පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට උණ්ඩ කිහිපයක් සහ පෑන් පිස්තෝලයක කොටසක් හමුව තිබෙනවා. විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක මෙම උණ්ඩ කිහිපයක් සහ පෑන් පිස්තෝලයක කොටස සොයාගෙන ඇති අතර මේ පිලිබදව විශේෂ පරීක්ෂනයක් ක්‍රියාත්මක බව පොලිසිය […]


Jan
13

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

Generic placeholder image

අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11. 30 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම පක්ෂ නායක රැස්වීමට සියලුම පක්ෂවල නායකයින් සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉකුත්දා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග අහෝසිවී ගිය කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිම පිළිබඳව මෙහිදී කථිකා කරන බවයි වැඩි […]


Jan
13

2019 වසරේ ඉන්දීය හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදී 2019 වසරේ හොදම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන පොලි උම්රිගර් සම්මානය දිනා ගැනීමට ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා. එමෙන්ම ඔහු වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාට පිරිනමන දිලිප් සර්දේසායි සම්මානය ද දිනා ගත්තා. 2019 වසරේ දේශිය මෙන්ම ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතා දැක්වූ ඉන්දීය […]


Jan
13

හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් යානයේ මළ සිරුරු 02 ක් – තවත් මගියෙකුට බරපතලයි

Generic placeholder image

සෞදියේ ජෙඩා සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ මගීන් 285 ක් රැගත් ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට පමණ හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් යානයේ සිටි අසනීපවූ මගීන් දෙදෙනෙකුට ප්‍රථිකාර ලබා දීම සඳහායි.කෙසේ වෙතත් ඒ වන විටත් එම මගින් දෙදෙනා මිය ගොස් තිබෙනවා. මේ වන […]


Jan
13

පෑළියගොඩට ප්‍රදේශ රැසකට අද වතුර නෑ

Generic placeholder image

පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24 ක් කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල , මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, […]


Jan
13

රන්ජන් අත්අඩංගුවටගත් අවස්ථාවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ක‍්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න ඉකුත්දා නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ අනුව එම පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන වාර්තාවක් ලබාදෙන ලෙසට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත මෙලෙස නියෝග කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී […]


Jan
13

එජාපයේ අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා

Generic placeholder image

එජාපයේ ඉදිරි ගමන ගැන අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සූදානම් සිටින බව වාර්තා වෙනවා. ඒ පිළිබද අවසන් තිරණය ලබන බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලබන අවසන් තීරණයෙන් පසුව තීරණය කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post