News Line| Off Air
Generic placeholder image

Jan
8

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

Generic placeholder image

2019 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.


Jan
8

රන්ජන්ට එජාපයෙන් විනය පරීක්ෂණයක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිලිබදව විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එම විනය විනය පරීක්ෂණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ. රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවසින් සොයා ගත් සංයුක්ත තැටිවල අඩංගු කරුණු පිළිබඳව විශේෂ විමර්ශනයක් […]


Jan
8

ශානි අබේසේකරට විදෙස් ගමන් තහනමක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනමක් අධිකරණ විසින් නියෝග කර තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. පාර්ලිමේන්තු රන්ජන් රාමනායක සමග පැවැත්වූ අන්දොලාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.


Jan
8

මගීන් 170ක් සමග ඉරාන අහසේ තිබු ගුවන්යානයක් කඩා වැටේ – වීඩියෝ සහිතයි

Generic placeholder image

අද අලුයම් කාලයේදී ඉරානයේ ටෙහෙරාන් නුවරට ඉහළ අහසේ තිබු යුක්‍රේන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක් මගීන් 170ක් සමග ගිනිගෙන කඩාවැටී තිබෙනවා. මෙය නගරයෙන් තරමක් එපිට ගොවි භූමියක් වෙතයි කඩා වැටී තිබෙන්නේ. අනතුරෙන් සියළුම මගීන් මියගොස් ඇති බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දී ඇත්තේ. ඊයේ දිනයේ ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකකට බැලැස්ටික් මිසයිල එල්ල කිරීමෙන් […]


Jan
8

ඉරානයෙන් ඇමෙරිකා කදවුර දෙකකට මිසයිල ප්‍රහාර

Generic placeholder image

පසුගිය දවසක අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ නියෝග මත ඉරාන යුධ ප්‍රධානි සුලේයිමාන් ඝාතනයේ පලිගැනීමක් ලෙස ඉරානයෙන් ඇමෙරිකානු කදවුරු දෙකක් වෙත බ්ලැස්ටික් මිසයිල 12 කට වැඩි ප්‍රමානයක් එල්ල කර තිබෙනවා. මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඉරාකයේ පිහිටි අල් අසද් ගුවන් හමුදා කදවුර සහ ඒර්බ් නමින් හදුන්වන ඇමෙරිකානු කදවුරයි. මෙම ප්‍රහාරයෙන් සිදු වී ඇති හානිය මෙතෙක් පෙන්ටගනයෙන් නිල වශයෙන් […]


Jan
8

පාසල් නිල ඇඳුම් වවුචර් අද සිට නිකුත් කෙරේ

Generic placeholder image

අද සිට සියලූ පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා. ඒ අනුව මේ වන විට ඊට අදාල නිල ඇඳුම් වවුචර් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව වැඩි දුරටත් අමාත්‍යංශය සදහන් කළා. ඛාණ්ඩ 11 ක් යටතේ මෙම නිල ඇඳුම් වවුචර් ලබා දෙන බවත් රුපියල් 440 සිට රුපියල් […]


Jan
8

දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 09 කට ලකුණු 142 ක් රැස් කල අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 03 ක් අවසානයේ කඩුළු […]


Jan
8

අදත් තරමක තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව ඒමේ දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Jan
7

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 142ක අභියෝගයක්

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 142 ක් රැස්කරගත්තා.


Jan
7

විස්සයි විස්ස තරගයේ නවතම තොරතුරු

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 17 ක් නිමාවට පත්වන විට කඩුළු 06 ක් දැවී ලකුණු 120 ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ලබා සිටින ලකුණු සංඛ්‍යාව 34 ක්.


Jan
7

විස්සයි විස්ස තරගයේ නවතම තත්ත්වය

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 11 ක් නිමාවට පත්වන විට කඩුළු 03 ක් දැවී ලකුණු 82ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 25 ක් රැස්කරගත්තා.


Jan
7

ශී‍්‍ර ලංකාවෙන් ප‍්‍රවේගකාරී ආරම්භයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 04 ක් නිමාවට පත්වන විට ලකුණු 35 ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 21 ක් රැස්කරගෙන ඇති අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 06 ක් ලබා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post