භාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළා. මෙම වැඩපිළිවෙල යටතේ දුම්රිය මැදිරි දෙසීයක් (200) මුල් අදියර යටතේ අලුත්වැඩියා කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 2.3 ක් වෙන්කර තිබෙන බවත් ඔහු පැවසුවා. මීට අමතරව නව දුම්රිය හතරක් මේ වන […]
කොළඹ හයිඩ්පිටිය ආසන්නයේ පිහිටි පුද්ගලික ආයතනයකට අයත් ගොඩනැඟිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. අදාළ ගොඩනැඟිල්ලේ තිබු කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මේ වන විට ගිනි නිවීම් සඳහා එම ස්ථානයට ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බව සඳහන්.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් මහත්මියට සෑම මසකම අවසන් ඉරිදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් […]
පසුගියදා හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදාවට අයත් y 12 යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් ගුවන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. ඒ අනුව අනතුර සිදුවීමට බලපෑ යානයේ දෝෂයක් මෙතෙක් හදුනාගැනීමට නොහැකිව තිබෙන බවයි පැවසෙන්නේ. වැඩි දුර පරීක්ෂණ සදහා කඩා වැටුණු යානයේ එන්ජිම ඇතුළු කොටස් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් […]
මගින් 176 දෙනකු ජිවිතක්ෂයට පත් කරමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට කඩා වැටුණු බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයට අයත් කළු පෙට්ටිය අනතුරු පිළිබද පරීක්ෂණ සඳහා බෝයිං සමාගමට හෝ ඇමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය අවධාරනය කරනවා. මෙම ගුවන් යානය හදිස්සියේ කඩා වැටුණේ අමෙරිකාවට අයත් හමුදා කදවුර දෙකකට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර සුළු වේලාවකින් පසුවයි. […]
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට සිදුකළ පහර දීමක් සම්බන්දයෙන්ය.
හම්බන්තොට, මැදමුලන, ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව නැවත මාර්තු මස 10 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළා. මෙම […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙනවා. එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇති බවට […]
බ්‍රිතාන්‍ය රජපවුලේ හැරී කුමරු සහ මේගන් ගත් තීරණයක් සම්බන්ධයෙන් ලෝකයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා. එනම් හැරී කුමරු සහ මේගන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ තමන් තව දුරටත් රජ පවුලේ සාමාජිකයින් ලෙස පෙනී නොසිටින බවයි. විශේෂයෙන්ම ඔවුන් දෙපල ගත් මේ තීරණය පිලිබදව රජ පවුලේ කිසිවෙකුත් දැනුවත්ව නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ පිලිබදව රජ […]
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. එම හඞපට සමාජගත වීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු පසුගිය […]
ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් අතර ඇතිව තිබෙන නොසන්සුන්තාවය පිලිබදව මේ වන විට ලොව පුරා කතා බහට ලක්ව තිබෙනවා. මෙවැනි මොහොතක ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් සදහන් කලේ ඉරානයට එරෙහිව නව සම්බාධක පනවන බවත් ඉරානය එල්ල කල ප්‍රතිප්‍රහාර වලින් කිසිදු අමෙරිකානුවකු හෝ ඉරාක ජාතිකයකු මියගොස් නොමැති බව අවධාරණය කර තිබෙනවා. එමෙන්ම මේ අතර […]
විදෙස් කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඉන්දියාවේ රජයේ ඉහල නිලධාරීන් සමග මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ. එමෙන්ම විදෙස් කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පළමු විදෙස් සංචාරය ද මෙය වෙනවා.