ඉරානයේ ටෙහෙරාන් නුවරට කඩා වැටුණු බෝයින් 737 වර්ගයේ ගුවන් යානය අනතුරට පත් ස්ථානයේ දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා. මෙම අනතුරේන් ඉරාන ජාතිකයින් 82 දෙනෙක් , යුක්‍රේන ජාතිකයින් 11 දෙනකේද . කැනේඩියානු ජාතිකයින් 63 දෙනෙක්ද ස්වීඩන් ජාතිකයින් 10 දෙනක් ද මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව යානයේ ගමන් ගත් […]
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වෙනවා. ඒ අද පස්වරු 3.00 ටයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.
දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, සවස් කාලයේ තද වැසි සමග අකුණු අනතුරු සිදුවීමේ අවධානමක් පවතින බවත් ජනතාවට ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
තමාට තවදුරටත් ඉරානයට එරෙහිව ඇමරිකානු මිලිටරි බලය භාවිතා කිරීමට අවශ්‍ය නැති බවත්, න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර ත්‍රස්තවාදීන්ට සහාය දීම නතර කරන ලෙස එහි නායකයින්ට බල කිරීම සඳහා නව සම්බාධක පැනවීමට කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මීට සුලු මොහොතකට පෙර කියා සිටියා. මැදපෙරදිග පුරා එක්සත් ජනපද සහ මිත්‍ර හමුදා දහස් ගණනක් ඝාතනය කිරීමට සහ අහානි […]
නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිටදඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ පන්දු යැවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ක්‍රිස් ගේල් 20/20 බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළා. පසුගියදා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂසහිත බවට විනිසුරුවරුන් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් […]
ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දූපත හි සිදුවූ ලැව් ගින්නෙන් සිදු වූ හානිය කොතරම්ද යන්න පිලිබද නාසා ආයතනය විසින් ටෙරා චන්ද්‍රිකාවක් මගින් ඡායාරූපගත කර තිබෙනවා. ගින්නට පෙර දූපතේ ස්වභාවය සහ ගින්නෙන් පසු ස්වභාවය මෙම ඡායාරූප වල සටහන් වනවා. මෙම ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 155,000 ක් පමණ විනාශ වන්නට ඇති බව නාසා ආයතනය පවසනවා. ගින්නට පෙර ගින්නට පසු
තම නිවසින් සොයාගත් දුරකථන සංවාද හඩපට නඩු භාණ්ඩ බවට පත්කර තිබියදී ඒවා මාධ්‍ය ආයතන වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මේ පිළිබඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයටද රන්ජන් රාමනායක මහතා විසින් අද මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ වනතෙක් පොලිසිය විසින් අදාල හඩපට අධිකරණයට ඉදිරිපත් කර […]
නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් 42 දෙනෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසුවියන් මෙන්ම ගුරුවරුන් තුන්දෙනෙකු ද ඒ අතර වන බව අප වාර්තාකරු සඳහන් කළා. පාසල නිමවී සිසුන් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ ඔවුන් ක්‍රීඩා කිරීමට යොදාගත් බෝලයක් බඹර කූඩුවක ගැටීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා. බඹර දෂ්ඨණයෙන් තුවාල ලබා රෝහල් ගත […]
මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම්පත්‍ර මාර්තු 31 වනදාට පෙර යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන […]
ඕස්ට්‍රේලියාවේ දකුණු දිග කලාපයට බලපා ඇති නියගය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනයට විසඳුමක් ලෙස ඔටුවන් 10,000 ක් පමණ ඝාතනය කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. නියගය බලපා ඇති දකුණු දිග කලාපයේ වෙසෙන ඔටුවන් විශාල වශයෙන් ජලය පානය කරන බැවින් එය වැළැක්වීම සඳහා මෙලෙස එම සතුන් මරා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව සදහන්. දකුණු දිග […]
අමෙරිකාව විසින් බී ෆිෆ්ටි ටූ වර්ගයේ දිගුදුර බෝම්බ හෙළීමේ ගුවන්යානා 6ක් , ඉන්දීය සාගරයේ දියාගෝ ගාෂියාහි පිහිටි සිය හමුදා කඳවුර වෙත යවා තිබෙන බව වාර්තා වෙන අතර මෙය ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා නියෝගයක් ලද සැණින් භාවිත කිරීමේ අරමුණින් එම ගුවන් යානා ඉන්දීය සාගරය වෙත යවා ඇති බවටයි වාර්තා පල වන්නේ. ඒ අනුව මෙම යානා ඉන්දීය […]
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සදහන් කරන්නේ ඉරාකය, ඉරානය පර්සියානු හා ඕමාන් ගල්ෆ් කලාපයට ඉහලින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත් හිටුවා ඇති බවයි. ඊට හේතු වන්නේ විශේෂයෙන්ම මේ වන විටත් ඉරාකයේ ඇමෙරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබීමයි.