1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබෙනවා.
ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනි ටෙහෙරාන් නුවරදී ජාතිය අමතමින් පවසා සිටියේ ඇමෙරිකානු යුධ හමුදා කදවුරු දෙකකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප‍්‍රහාරය තමා හදුන්වන්නේ ඇමෙරිකානුවන්ගේ මුහුණට පහරක් එල්ල කිරීමට සමාන කිරීමක් වශයෙන් බවයි. එම ප‍්‍රහාරය ප‍්‍රමාණවත් ප‍්‍රහාරයක් ලෙස නොසලකන බවත් ඔහු පවසා තිබුණා. තමන්ගේ යුධ ප‍්‍රධානී සුලෙයිමාන් ඝාතනය කිරීමට එරෙහිව තවත් ඇමෙරිකානු ඉලක්ක සීයයකට පහර […]
රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැර ව අගය කරන අතර, එහි ගැටළු, අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළ ව සූදානම් […]
තනිවෙන්නෙපා, ඔබ සතුටින්, ආයෙත් වරක්, පූජා කරන්නම්, දුකක් දැනෙන්න එපා, වරද පිළිගන්නවා, ආදරය ආගමකි, හමුවී වෙන්වී ගෙවෙනා, වෙඩි වරුසා වැනි ගීත තුලින් රසික සිත් දිනාගත් නව පරපුරේ ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ නවතම ගීතයක් නුදුරේදී නිකුත් කිරීමට නියමිතයි. සියත 24 අපි මේ ගැන සදුන් පෙරේරාගෙන් විමසීමක් කලා.. සදුන් මොකක්ද මේ අලුත් වැඩේ..? මේක මගේ අලුත්ම සින්දුව. […]
මෙම වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන අතර සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමඟ මෙය සිදුවන බවයි පැවසෙන්නේ. මෙම ග්‍රහණය ඡායා […]
කොළඹ- ලන්ඩන් ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇති බව සඳහන්. ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ගමන් මාර්ගය […]
ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමෙරිකානු කදවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ටිවිටර් පණිවිඩයකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එම පණිවිඩ අනුව ඔහු පවසා ඇත්තේ ” සියල්ල හොදින්. ඉරානය අපේ හමුදා කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි හානියේ තරම තවම තක්සේරු කරනවා. මේ වන තෙක් ගොඩක් හොදයි. අපිට ලෝකේ ඕනෑම තැනක් ක්‍රියාත්මක වෙන්න […]
2019 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිලිබදව විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එම විනය විනය පරීක්ෂණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ. රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවසින් සොයා ගත් සංයුක්ත තැටිවල අඩංගු කරුණු පිළිබඳව විශේෂ විමර්ශනයක් […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනමක් අධිකරණ විසින් නියෝග කර තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. පාර්ලිමේන්තු රන්ජන් රාමනායක සමග පැවැත්වූ අන්දොලාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අද අලුයම් කාලයේදී ඉරානයේ ටෙහෙරාන් නුවරට ඉහළ අහසේ තිබු යුක්‍රේන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක් මගීන් 170ක් සමග ගිනිගෙන කඩාවැටී තිබෙනවා. මෙය නගරයෙන් තරමක් එපිට ගොවි භූමියක් වෙතයි කඩා වැටී තිබෙන්නේ. අනතුරෙන් සියළුම මගීන් මියගොස් ඇති බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දී ඇත්තේ. ඊයේ දිනයේ ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකකට බැලැස්ටික් මිසයිල එල්ල කිරීමෙන් […]
පසුගිය දවසක අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ නියෝග මත ඉරාන යුධ ප්‍රධානි සුලේයිමාන් ඝාතනයේ පලිගැනීමක් ලෙස ඉරානයෙන් ඇමෙරිකානු කදවුරු දෙකක් වෙත බ්ලැස්ටික් මිසයිල 12 කට වැඩි ප්‍රමානයක් එල්ල කර තිබෙනවා. මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඉරාකයේ පිහිටි අල් අසද් ගුවන් හමුදා කදවුර සහ ඒර්බ් නමින් හදුන්වන ඇමෙරිකානු කදවුරයි. මෙම ප්‍රහාරයෙන් සිදු වී ඇති හානිය මෙතෙක් පෙන්ටගනයෙන් නිල වශයෙන් […]