නව වසරේ පළමු කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඇමතිවරු මේ වන විටත් ඒ සදහා සහභාගි වී ඇති බව සදහන්. මෙම සාකච්ඡාවේදී රටට වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ඇති බවට වාර්තා වනවා.
ජර්මනියේ සත්වෝද්‍යානයක ඇති වූ ගින්නකින් සතුන් රැසක් මරණයට පත්ව තිබෙනවා. නව වසර උදාව වෙනුවෙන් දැල් වූ තහනම් ගිනිකෙළි විශේෂයක් හේතුවෙන් මේ ගින්න හටගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. ජර්මනියේ සත්වෝද්‍යානයක වඳුරන් රඳවා සිටි ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නකින් එහි සිටි සියලුම සතුන් මිය ගිය බව බලධාරීහු තහවුරු කළා. ක්රෙෆෙල්ඩ් (Krefeld) සත්වෝද්‍යානය පවසන්නේ, ගොඩනැඟිල්ල ගිනිගෙන බිමට සමතලා […]
උතුරු පළාත් නව ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් අද යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. ඒ සර්ව ආගමික වතාවත්වලින් පසුවයි. ඇය පිළිගැනීම සඳහා වව්නියාව නගර සභා ශාලාවේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කළ බව සදහන්.
2020 වර්ෂයේදී ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 20 අතරට CNN ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. සිය කතෘ මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයක් අතුරින් මෙම වර්ෂයේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලැයිස්තුගත කිරීම සිදුකළ බව CNN වෙබ් අඩවිය සඳහන් කළා. මේ අනුව මේ වසරේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන ලෙස නම් කර ඇත්තේ චිලී රාජ්‍ය […]
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරක ප්‍රධානීන්ට අද(02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්, අරලිය ගහ මන්දිරයේදී පත්විම් ප්‍රධානය කෙරුණා. එම පත්කිරීම් මෙසේයි මධ්‍යම සංස්කෘතික අරමුදල – වැඩබලන අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා ජාතික චිත්‍රපට සංස්ථාව – සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, කි‍්‍රයාකාරී අධ්යක්ෂ රොහාන් වැලිවිට මහතා ටවර් හෝල් රඟහල පදනම – […]
රටේ ඇති බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.
අභ්‍යවකාශ මෙහෙයුම් ගණනාවක් ක්‍රියාවට නැගෙමින් තිබියදී, 2019 වසර තුළ සෞර ග්‍රහ මණ්ඩලයේ විවිධ ඉසව්වල සිට පෘථිවිය වෙත සන්නිවේදනය කෙරුණු ආකර්ෂණීය ඡායාරූප රැසකි. විශ්වයේ වඩාත් ආකර්ෂණීය ඉලක්ක වෙත යොමු කෙරුණු බලසම්පන්න දුරදක්නවලින් ලද සේයා රූ ද ඒ අතර . ඉහත දැක්වෙන්නේ ඉන් සමහරකි. නාසා ආයතනය විසින් යවන ලද ජූනෝ අභ්‍යවකාශ යානය 2016 වසරේදී යෝධ බ්‍රහස්පති ග්‍රහයාගේ […]
මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පැවසුවා. ඒ අනුව සදුදා පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 […]
මේ වසරේ ජනවාරි පළමු වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ දින ඉන්දියාවේදී උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව 67,000 කි. ඊයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදු වූ සෙසු රටවල් වන්නේ චීනය, නයිජීරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ අමෙරිකාවයි.
තායිවාන ගුවන් හමුදා ජෙනරාල්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු රැගත් බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටරයක් අතුරුදන්ව තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෙනරාල් ශෙන්ග් යි මින්ග් තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස ද කටයුතු කරන බවයි. තායිවානයේ උතුරුදිග ප්‍රදේශයේදී ඔහු රැගත් හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබැස්වීමෙන් පසුව එලෙස අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, එම හෙලිකොප්ටර් යානයේ […]
දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය ස්ථාන තුළදීම සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි වන අතර දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කළේ, අද සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කරන බවයි. […]
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්යක්ෂ ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුවයි. පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මීට පෙර පොලිස් නීති කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තිබෙනවා.