News Line| Off Air
Generic placeholder image

Dec
27

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත්, නුවරඑලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Dec
27

රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අතිරේක මහේස්ත්‍රාත්වරියක් මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව සදහන්.


Dec
27

වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් ඉහළට

Generic placeholder image

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 51,000 ක් වාර්තා වූ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළා. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000කට අධික වන බවද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් […]


Dec
27

2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන ජනවාරි මාසයේදී

Generic placeholder image

2019 වසරේ අප්‍රිකානු පාපන්දු සම්මාන උළෙල ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා. එහිදී වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් නිර්දේශ වී ඇති අතර මෙවර වසරේ පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය සඳහා නිර්දෙශ වී සිටින්නේ සෙනගාල ක්‍රීඩක සාඩියෝ මැනේ, ඊජිප්තු ක්‍රීඩක මොහොමඩ් සාලා සහ ඇල්ජීරියා ක්‍රීඩක රියාද් මාහ්රේස්. සාඩියෝ මැනේ මෙවර චැම්පියන්ස් ලීග් කිරුළ […]


Dec
27

කල්අඩිය ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයෙකුට වන අලි ප්‍රහාරයක්

Generic placeholder image

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඉන්දීය ජාතිකයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. සිය ලැගුම්හල ආසන්නයේදී ඔහු ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි පුද්ගලයෙක්. අලුයම 4 ට පමණ සිය ලැගුම්හල ආසන්යෙට පැමිණි වන අලියෙකු විසින් ප්‍රහාරය එල්ලකර තිබෙනවා. ඉන් බරපතල තුවාල […]


Dec
27

පිලිපීනයේ සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළට

Generic placeholder image

නත්තල් උදාවේ පිලිපීනයට හැමූ ෆෑන්ෆෝන් සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි සුළඟින් විශාල ජල ගැලීම් ඇති වූ අතර, ප්‍රාන්ත රැසක නිවාස විශාල සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. මේ හේතුවෙන් තවත් 12 දෙනෙකු අතුරුදන්ව සිටින බව පිලිපීන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළා. සුළි සුළඟ හේතුවෙන් 58,000ක ජනයා […]


Dec
27

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණා.


Dec
27

ගංජා සහ හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට

Generic placeholder image

හම්බන්තොට – තිස්ස ප්‍රධාන මාර්ගයේ බදගිරිය ප්‍රදේශයේ සිදුකළ හදිසි මුර සංචාරයකදී ගංජා, හෙරොයින් සමඟ බීමත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මෙම මුර සංචාරය ඊයේ දිනයේදි සිදුකරනු ලැබුවා. එහිදී ගංජා මිලිග්‍රෑම් 3000ක් සමඟ 28 හැවිරිදි පුද්ගලයෙකු ද ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් මත 32 හැවිරිදි පුද්ගලයෙකු ගංජා මිලිග්‍රෑම් […]


Dec
27

මියගිය පසු ඔබේ අන්තර්ජාල බූදලයට සිදු වන දේ?

Generic placeholder image

ඩිජිටල් යුගයේ’ දිවි ගෙවන බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල දක්නට හැකිය. ඉතා වටිනා ඡායාරූප, වීඩියෝ සහ ලිපි දිනකට මිලියන ගණනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ. නමුත්, මියගිය පසු ඔබේ ‘අන්තර්ජාල බූදලය’ උරුම වන්නේ කාහට ද? යමෙකු සිය දිවි ගමන තුළ එක්රැස් කරගත් සිහිවටන මෙන්ම සිතට නැගුණු හැඟීම් […]


Dec
27

ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

රික්ටර් පරිමාණ 5.1ක ප්‍රබල භූ කම්පනයක් ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ මෙම ප්‍රබල භූ කම්පනය සිදු වී ඇති අතර මේ හේතුවෙන් මෙම න්‍යෂ්ටික බලාගාරය සිදු වී ඇති හානිය පිලිබදව විදෙස් වාර්තා සදහන් කර නැහැ. කෙසේ වෙතත් මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 38ක් ගැඹුරින් සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.


Dec
27

නව වසරට නව දුම්රිය අටක් ජනතා ගමනට

Generic placeholder image

ලබන වසරේදී අලුතින් ධාවනය සදහා දුම්රිය අටක් එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දුම්රිය මගීන්ට වඩා කාර්යක්ෂම දුම්රිය සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් ටිකට්පත් ලබාදීම කඩිනම් කිරීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදෙන බවත්, දුම්රිය කාලසටහන් සදහා විද්‍යුත් නාම පුවරු ලබා දෙන බවටත් වැඩි දුරටත් වාර්තා වෙනවා.


Dec
27

සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා එළඹෙන ජනවාරි මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. අද පෙරවරු 9.50ට පමණ නඩුවට පෙනී සිටීම සඳහා සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර […]


News Articles
Latest Videos
Most Popular Post