News Line| Off Air
Generic placeholder image

Dec
30

උතුරු පළාතටත් නව ආණ්ඩුකාරවරියක්

Generic placeholder image

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් අද ජනාධීපති ගෝඨාභය රාජකප්ෂ මහතා ඉදිරියේ දිවුම්රු දුන්නා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියෙකු වන ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර වව්නියාව සහ මඩකලපු දිසාපතිවරිය ලෙස කටයුතු කර තිබෙනවා. පසුව, රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස […]


Dec
30

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව අද උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පැය 3 යි විනාඩි විස්සක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පස්වරු 1.20ට පමණ ඉන් පිටව ගොස් […]


Dec
30

ස්විස් නිලධාරිනි ගානියාට ඇප

Generic placeholder image

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිලිබදව අත් අඩංගුවට ගෙන රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මතයි.


Dec
30

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ මැණික් ගැරු 5ක් අල්ලයි

Generic placeholder image

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඉතාමත් හොර රහසේ මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කිරිකැටිඔය ප්‍රදේශයේදි මෙම පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වනෝද්‍යාන නිලධාරීන් කියයි. මෙම පිරිස වනෝද්‍යානය තුළට රහසිගතව ඇතුළුවි එහි වාඩියක් ඉඳි කොට පතල් සකසාගෙන මැණික් ගැරිමේ යෙදි […]


Dec
30

ඇමෙරිකාවේ ටෙක්සාස්හි පල්ලියක වෙඩි තැබීමක්

Generic placeholder image

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පල්ලියක නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඒම දේවස්ථානයේ උදෑසන දේව මෙහෙය අතරතුර වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මෙම වැඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 02 නෙකු මියගොස් ඇති අතර එම වෙඩි තැබීම සිදු කල පුද්ගලයාද එම අවස්ථාවේ සභාවේ සිටි පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට […]


Dec
30

බිත්තර මිල ඉහලට

Generic placeholder image

දැනට රුපියල් 17කට අලෙවි වන බිත්තරයක තොග මිල සඳුදා සිට රුපියල් 1.50කින් ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසනවා. බඩ ඉරිඟු ඇට මිල රුපියල් පනස් අටේ සිට රුපියල් 85ක් දක්වා ඉහළ ගොස් තිබෙන නිසා ජනවාරි 06දා සිට බිත්තරයක […]


Dec
30

හිටපු අමාත්‍ය රාජිතට ඇප

Generic placeholder image

සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කලා. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙන ලෙසයි. එමෙන්ම ඔහුගේ […]


Dec
30

පොලිසියේ ඉහල තනතුරු කිහිපයකට උසස්වීම්

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසම පැවසුවේ අදාළ උසස්වීම් සඳහා තම අනුමැතිය ලබා දුන් බවයි. ඒ, අනුව නොවැම්බර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකුට සහ ලබන මස 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 03 දෙනෙකු එලෙස උසස් කර තිබෙනවා. මුදිත පුස්සැල්ල, […]


Dec
30

දුම්රිය ආරක්ෂක සේවයට නව නිලධාරීන් 180ක්

Generic placeholder image

දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, මේ සඳහා ඊයේ දිනයේ පැවැති ලිඛිත විභාගයේ ප්‍රතිඵල අනුව එම නිලධාරීන් බඳවා ගන්නා බවයි. එම විභාගයට සඳහා පෙනී සිට ඇති අපේක්ෂකයින් ගණන 19,000 කට ආසන්න වන අතර මේ වනවිට දුම්රිය ආරක්ෂක සේවයේ […]


Dec
30

හිටපු අමාත්‍ය රාජිත අද අධිකරණයට?

Generic placeholder image

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද(30) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් බන්ධානාගාර වෛද්‍යවරියක් පසුගියදා ලබා දුන් නිර්දේශය අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබුණත් ඊයේ(29) පස්වරුවේ ඔහු යළිත් ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට […]


Dec
30

ස්විස් තානාපති නිලධාරිනිය අද අධිකරණය හමුවට

Generic placeholder image

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබද ඉකුත්දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් මහත්මිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ වැරදි ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මත මෙම නිලධාරිනිය අත්අඩංගුවට ගනු ලැබුවා.


Dec
30

තිසර පෙරේරා යුධ හමුදාවට එක් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ඊයේ දිනයේ ශ්‍රී ලංකා යුධ හමුදාවට ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙක් වශයෙන් එක්ව තිබෙන බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුධ හමුදාවට එක්වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post