වසර 119 පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැඩි ශිත කාලගුණයක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව නවදිල්ලි අගනුවරෙන් වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙලිසියස් අංශක 9.4 ක් සටහන් වී තිබෙනවා. මෙවැනි අධික ශීත කාලගුණයක් ඇති වී තිබෙන්නේ 1901 වසරේ වන අතර ඒ වසර 119 කට පසු වීම විශේෂත්වයක්. මේ හේතුවෙන් අගනුවර දෛනික කටයුතු අඩාල වී තිබුණු […]
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇති අතර සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණා.
පෙරහැරවල කරඞුවක් වැඩම කරවිය හැකි ඇතුන් ප්‍රමාණය පස් දෙනෙකුට සීමා වී ඇති බව දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. මෙම තත්ත්වය හේතුවෙන් පෙරහැර කටයුතු සිදුකිරීම බරපතළ ගැටළුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙන අතර වැලිවේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව කියා සිටියා.
රාජ්‍ය සේවකන්ගේ මූලික වැටුප හෙට සිට ඉහල යන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් ඉහල යෑමක්.
දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, උතුරු, උතුරු මැද, පළාත් වලත් උදැසන කාලයේ තද මිදුම් තත්වයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.
සියත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත FM ඔස්සේ සංවිධානය කෙරෙන ගයන්ත විජේරත්න ප්රමුඛ G – team එක්ක සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 රියැලිටි තරගකරුවන් සමග අද දින රාත්‍රී 10 සිට පාන්දර වෙනකන්ම 31 රෑ Fun 1 සමග සියත Face book live සහ සියත FM 98.2/98.4 සමගින් ඔබත් එක්වන්න.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා. විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවු බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා. ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට අගමැතිවරයාගේ නිවසට ඇතුල්වීමට ආරක්ෂක අංශ අවසර ලබාදී […]
ඉන්දියාවේ සත්ව උද්‍යානයක් සඳහා ශ්‍රී ලංකාවෙන් සිංහයින් සිව්දෙනෙක් ලබා ගැනීමට අවසර හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඉන්දියාවේ බුබුනේෂ්වර්හි පිහිටි නන්දකන්නන් සත්ව උද්‍යානය සඳහා මෙලෙස ශ්‍රී ලංකාවේ සිටින සිංහයින් සිව්දෙනෙක් නුදුරේදීම ගෙන්වා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජයන්තන් දාස් සඳහන් කළා. නන්දකන්නන් සත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මෙ සම්බන්ධයෙන් […]
ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දමා තිබූ බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසුව නව මුහුණුවරකින් හෙට මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි. මෙම කුලුණ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා 2017 වසරේ සිට වසා දැමුණු අතර වැදගත් අවස්ථාවන්හිදී පමණක් සීනුව නාද කිරීමට පියවර ගෙන තිබෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන මිලියන 5.2 ක් වැය කරමින් සිදුකරන කුලූණේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ නිම කිරීමට නියමිත බව […]
ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍ර, ආගමන විගමන ලේඛණ, උප්පැන්න සහ මරණ ලියාපදිංචිය ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එමගින් කාලය, ශ්‍රමය සහ අති විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන් සමග […]
ලබන ජනවාරි මස 03 වනදා ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සදහා එක්වන ශී‍්‍ර ලංකා සංචිතය නම්කර තිබෙනවා. මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර කී‍්‍රඩකයින් 15 කින් සමන්විත සංචිතයේ උප නායකත්වය හිමිව තිබෙන්නේ නිරෝෂන් දික්වැල්ලටයි. කුසල් මෙන්ඩිස්ට සහ තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට මෙම සංචිතය සදහා අවස්ථාවක් නොලැබීම විශේෂත්වයක්. දනුෂ්ක ගුණතිලක, කුසල් […]
දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද ඇතුන් අතරින් ජ්‍යෙෂ්ඨතම හස්ති රාජයා වන නැඳුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක් අද (30) නිකුත් කරනු ලැබුවා. නැඳුන්ගම ප්‍රදේශයේදී මෙම මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කෙරුණු අතර මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර, නැදුන්ගමුවේ රාජාගේ වත්මන් හිමිකාරීත්වය දරන වෛද්‍ය හර්ෂ ධර්මවිජය ඇතුළු ආරාධිතයින් […]