මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන විභාග දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන බව පැවසෙනවා. ඔන්ලයින් ක්‍රමය ඔස්සේද ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීමට අවස්ථාව උදා කර තිබෙන බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
දිවයින පුරා අදත් වැසි රහිත කාලගුණ තත්වයක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 35 ඉක්මවන බවයි වාර්තා වන්නේ.
2005 වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතර අභිෂේක් බච්චන් හා අම්තාබ් බච්චන් රංගනයෙන් දායකත්වය ලබාදුන් ‘බන්ටි ඔර් බබ්ලි’ චිත්‍රපටය හැඳින්වෙනවා. මෙම චිත්‍රපටය යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන අතර පසුගියදා යශ්රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධාන විධායකයා වූ ආදිත්‍ය චොප්රා ‘බන්ටි ඔර් බබ්ලි’ චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන බව නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දෙනු ලැබීවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත […]
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට බින්දුවයි දශම 07 කින් අතිප්‍රමාණ වී තිබෙන බව වාර්තා වෙනවා.
ලෝක වෙලදපොලේ රන් මිල ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම ලෝක වෙළද පොලේ රන් අවුන්සයක මිල සටහහන් වුයේ ඩොලර් 150 9 ක් ලෙසයි. එමෙන්ම ලොල බොරතෙල් මිලද ඉහල ගොස් තිබෙනවා. බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 කට අධික ප්‍රමාණයක් ලෙසයි. එය 2019 වසර තුල එය සියයට 25 කින් ඉහල යාමක් බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා. එම ධීවරයින් සමග ඔවුන්ට අයත් ටෝලර් යාත්‍රා 03ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය […]
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබෙනවා. ඒ මහතා කොළඹ අශෝක කණිෂ්ඨ විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. මුදිත විදානපතිරණ මහතා 2016 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවට පත්වූ පළමුවැනි මහාචාර්යවරයායි.
නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙනවා. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරෙන අතර ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර […]
සිමෙන්ති සදහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙසත් සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරටදී ඇසුරුම් කළ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 950 ක් වන බවත් ඇසුරුම්ගතව ආනයනය කරන කිලෝග්‍රෑම් 50 […]
නව දුම්රිය කට්ටල 8ක් ලබන ජනවාරි මස සිට ධාවනයට එක් කිරීමට සුදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මෙම නව දුම්රිය කට්ටල 08 චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අතර අද මෙම නව දුම්රිය කට්ටල අද දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමෙතුන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.
රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මහා භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය පසුගියදා සියලුම රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවලට මෙම චක්‍රලේඛය බලපානු ඇති. රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් වියදම් සීමා කරන […]