News Line| Off Air
Generic placeholder image

Dec
20

එළඹෙන 25 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් වැසේ

Generic placeholder image

නත්තල් උත්සවය නිමිත්තෙන් එළඹෙන 25 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කළා.


Dec
20

ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය ගැන විමර්ශනයට ස්විස් නිලධාරියෙකු දිවයිනට

Generic placeholder image

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙලෙස දිවයිනට එවීමිට කටයුතු කරන බවයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ […]


Dec
20

හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීමට යාම පිලිබද ඔස්ට්‍රේලියානු අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ හදිසි ලැව් ගිනි තත්ත්වයක් හටගෙන තිබියදී තම පවුලේ සාමාජිකයින් සමඟ හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීම යාම පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසනවා. අදාළ කාලය තුළ තමාට හදිසි තත්ත්වයන් පිළිබඳ සියලු වාර්තා ලැබුණු බවද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර […]


Dec
20

පකිස්ථානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 05 ඩැහැ ගනී

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මුල් පෙළ කඩුළු 05 ක් දැවී ලකුණු 81 ක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුල්පෙළ පිතිකරුවන් දවා ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත්ව තිබෙනවා. පකිස්තානු පන්දු යවන්නන් වන මොහොම්මඩ් අබ්බාස් ලකුණු 25 කට කඩුළු 05 ක් ද දවා ගැනීමට ශහින් අෆ්රේඩි ලකුණු 19 කට කඩුලු 02 ද බිද […]


Dec
20

මැණික් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යටවෙයි

Generic placeholder image

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මැණික් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙල්ලකතරගම දේවාලය ජලයෙන් යට වී තිබෙනවා. එහෙත් බැතිමතුන්ට සාමාන්‍ය පරිදි කතරගම මහා දේවාලය වැද පුදා ගැනීමේ හැකියාව පවතින බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ කියා සිටියා.


Dec
20

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබෙනවා. ඒ දියතලාව සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයෙයි. මේ නිසා කොළඹ කොටුවේ සිට දුම්රිය ධාවනය දියතලාවට සීමා කර තිබෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


Dec
20

රාජිත සේනාරත්න අධිකරණය හමුවට

Generic placeholder image

රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඊයේ ගොනු කළා. මෙම අයදුම්පත සළකා බැලීම අද සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට […]


Dec
20

පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට උසස් වීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුව පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 12 දෙනෙකු, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 03 දෙනෙකු හට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. එමෙන්ම මීට අමතරව වසර 06 ක් රාජකාරී සම්පූර්ණ කල සහකාර පොලිස් අධිකාරීවරුන් 52 දෙදෙනෙකු ද පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙනවා.


Dec
20

කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Generic placeholder image

නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබාදෙන ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූවන් මෙනෙහි කරමින් මෙවර නත්තල චාම් අයුරින් සමරන ලෙස කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.


Dec
20

තද වැසි තව දුරටත්

Generic placeholder image

අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල , මාතර දිස්ත්‍රික්ක වලත් මි.මී. 100 ඉක්ම වූ තද වැසිද තද සුළං සහ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් […]


Dec
19

හරි හමන් පිරිමියෙන් නෙමෙයි වගේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
19

ආහාරවලින් විවිධ රටා නිර්මාණය කරන කාන්තාවක්

Generic placeholder image

ආහාරවලින් විවිධ රටා නිර්මාණය කරන කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇය වාසය කරන්නේ නයිජීරියාවේ ක්වාරා ප්‍රාන්තයේයී. නයිජීරියානු ජාතික දෘශ්‍ය කලා ශිල්පිනී හනීෆා ඇඩම්, ධාන්‍ය, එළවළු, පළතුරු වැනි ආහාරවර්ග වලින් අපූරු නිර්මාණ බිහිකිරීමට දක්ෂකම් ඇති අයෙක් බව සදහන්. ඇගේ මෙම අලංකාර නිර්මාණය ලොවපුරා සමාජජාල පරිහරණය කරන පුද්ගලයන් අතර අතිශයින් ජනප්‍රියයි. හනීෆා ඇඩම්, ඖෂධවේදය පිළිබඳ පශ්චාත් […]


News Articles
Latest Videos
Most Popular Post