මොරටුව කටුබැද්දේ මහල් 4 කින් යුත් රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක අද අලුයම හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා අමතර නිලධාරීන් කැඳවීමටද සිදුවු බව මොරටුව නගර සභාවේ ගිණි නිවීම් ඒකකය සඳහන් කළා. අද අලුයම සිට ගින්න මැඩපැවැත්වීමට ගිණි නිවීමේ රථ 15 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබුණා. දෙහිවල / කොළඹ / මොරටුව […]
නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පැවසුවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට 03ක වර්ධනයක් වාර්තා වුණා. ඉකුත් නොවැම්බර් 15 වැනිදා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686 යි දශම 5යි 2ක් ලෙස වාර්තා වී තිබුණා. එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708 යි දශම 5යි 3ක් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කළා. […]
පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ […]
හඟුරන්කෙත හා රාගල ප්‍රදේශවල කළ වැටලිමක දී හෙරෝයින් මත් කුඩු හා ගාංජා සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිර්ඝ කාලයක සිට හඟුරන්කෙත හා රාගල, වලපනේ යන ප්‍රදේශවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානත්මකව තහනම් මත්ද්‍රව්‍ය ලෙස නම් කර තිබෙන හෙරොයින් හා ගංජා අලෙවිය පිරිසක් විසින් සිදු කරන බවට ලැබි තිබු තොරතුරු අනුව මෙම […]
අන්තර් වාර රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන සඳුදා දිනයේදී සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා. අද පෙරවරුවේ පැවති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවනු ලබනවා. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු […]
හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙන ඒමට නියමිතව තිබෙනවා. පස්වරු 01.00 සිට 03.00 දක්වා දේහයට ගෞරව කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත අතර හිටපු අග්‍රාමාත්‍යවරයා වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත හිටපු මැතිඇමතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වෙත දැනුම්දෙන […]
අනුරපුර රුවන්වැලිසෑ රඳුන්ගේ කොත් වහන්සේට පළඳවන රන් පාදම සහිත චූඩා මාණික්‍යය අද කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සිට අනුරපුරට වැඩම කිරිමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව රුවන්වැලි සෑ පුදබිමට චූඩා මාණික්‍යය වැඩම කල පසු ලබන 24 වැනිදා දක්වා වැඳ පුදා ගැනීමට සැඳැහැවතුන්ට නැවත වරක් අවස්ථාව හිමි වෙන අතර ලබන 25 වැනිදා රන් පාදම සහිත චූඩා […]
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය වන්නේ, මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධිකරණ, මානව හිමිකම් සහ නිති සම්පාදන අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා ප්‍රජා සවිබල ගැන්විම […]
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද නව කැබිනට් මණ්ඩලය මේ වන විට ජනපති ලේකම් කාර්යාලදී දිවුරුම් දෙනු ලබනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය බොහෝවිට අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විතවනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සිය පක්ෂයෙන් නෙරපා දැමීමට මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ බවයි. එතුමාට අමතරව තවත් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.