News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට මාරුවක්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. එම තනතුර සඳහා පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න පත්කිරීමට අනුමැතිය ලබාදුන් බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළා. වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම ස්ථාන මාරුව සිදුකළ බවද පොලිස් […]


Nov
21

අක්ෂේගේ නවතම චිත‍්‍රපටයට අමීර් ඛාන්ගේ ප‍්‍රතිචාරය

Generic placeholder image

අක්ෂේ කුමාර්ගේ නවතම චිත‍්‍රපටය වන Good News හි Trailer ය මීට දින කිහිපයකට කලින් නිකුත් වුණා. ඒ සදහා ඉහළ ප‍්‍රතිචාර ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මෙයට සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් ද ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. එය ඉතා හාස්‍යජනක බවත් ”හිනා ගිහිං මැරෙනවා” ලෙසිනුත් ඔහු සිය ට්විටර් ගිණුම මගින් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම චිත‍්‍රපටයේ […]


Nov
21

කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්වුණා. එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම කාදිනල් හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට […]


Nov
21

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 565 ක්

Generic placeholder image

නේපාලයේ කත්මණ්ඩු නුවර ආරම්භ වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 565 දෙනෙකු සහභාගි වීමට නියමිතයි. ඔවුන්ට පහසුකම් සැළසීම සඳහා නිලධාරීන් 188 දෙනෙකුද කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව දකුණු ආසියානු ක්‍රිඩා උළෙල සඳහා 753 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් ඇතුලු පහසුකම් සැලැස්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු […]


Nov
21

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

සමාජ මාධ්‍ය ඔස්සේ තමාගේ ප්‍රකාශ බවට පවසමින් අසත්‍ය ප්‍රචාර පැතිර යන අතර තම නිල නිවේදන ජනාධිපති කාර්යාලයෙන් හෝ නිල සමාජ මාධ්‍ය තුලින් පමණක් නිකුත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.


Nov
21

උණවටුණෙන් මුහුදු සිංහයෙක් මතුවෙයි

Generic placeholder image

ගාල්ල උණවටුන ප්‍රදේශයේ වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයට මුහුදු සිංහයෙකු පැමිණ තිබෙනවා. ද්‍රැව මුහුදු ප්‍රදේශවල දිවිගෙවන මෙම සත්වයා දිය වැල් හේතුවෙන් මෙලෙස පැමිණෙන්නට ඇතැයි සාගර විද්‍යඥයින් සැක පලකරනවා. ගාල්ල උණවටුන ප්‍රදේශයේ වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ රිටි පන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක් විසින් මෙම මුහුදු සිංහයා මුලින්ම දැක තිබෙනවා. පසුව ඔවුන් හික්කඩුව වනජීවී කාර්යාලය දැනුවත් කර […]


Nov
21

අගමැති ලේඛම් තනතුර සදහා ගාමිණී සෙනරත් මහතා පත්කරයි

Generic placeholder image

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.


Nov
21

බාලා රුපියල් කෝටි සියයක් උපයයි

Generic placeholder image

සම්මානනීය බොලිවුඩ් නළු අයුශ්මාන් කුරානා, යමී ගෞතම් සහ භූමි පේඩ්නේකාර් ප්‍රධාන චරිත රඟන “බාලා” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් උපයා තිබෙනවා. එම චිත්‍රපටයට පාදකවන්නේ තරුණ වියේදීම හිසකෙස් ගැළවී යාමේ රෝගයකට මුහුණපෑම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට ලක් වූ තරුණයකුගේ කතා පුවතක්. බාලා චිත්‍රපටය අමර් කෞෂික්ගේ අධ්‍යක්ෂණයක් වනවා.


Nov
21

අගමැති මහින්ද වැඩ භාර ගනී

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තා. අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා අති විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.


Nov
21

නව අගමැතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව ඔහු සිය ටිවිටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කළා.


Nov
21

වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය අඩුවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට ඉහළ අහසේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වාහනවලින් පිටවන කාබන් තත්ත්වයන් තවදුරටත් වායුගෝලයේ පවතින බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවා. කෙසේ වෙතත් ඉන්දියාවෙන් බලපෑ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Nov
21

විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නැයි කථානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස […]


News Articles
Latest Videos
Most Popular Post