මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වූ එස්.ආර්. ආටිගල අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා. ඔහු මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු මෙන්ම මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වනවා.
ජනපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇති පරිදි සියලුම ආණ්ඩුකාරයින්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.
බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිද වැටීමක් හේතුවෙන් අද රාත්‍රි 9 දක්වා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති. එමෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ගනේමුල්ල, රතුපස්වල, ඉහළ යාගොඩ, පහළ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
අබුඩාබ් හිදී පැවැත්වෙන පන්දුවාර 10යි 10 තරගාවලියේ දක්ෂකම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් ව තිබෙනවා. ඒ අනුව එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඉහලම පිතිකරණ දක්ෂකම් අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු තරග 03 කදී ලකුණු 70 ක් ලබා ගෙන තිබෙනවා. එමෙන්ම සියලු පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ප්‍රමාණයක් […]
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල ඉහළ දැමෙන බවයි. ඒ අනුව ග්‍රෑම් 400 ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහල දැමෙනු ඇති.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු වෙනස් නොවන්නේ නම් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයක් ලෙස එතුමට සහාය දුන්නද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයට කලකිරීමක් ඇති බවත් කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ගැන හෙට තීන්දුවක් […]
ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ නියෝග කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වෙනවා. එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ජනපති විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබෙන බව සදහන් වෙනවා.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂණකරුවන්ට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් සැසිවාරය ඊයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ආරම්භ වුණු […]
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මහනුවර දළදා මාලිගය වෙත පැමිණ තිබෙනවා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සදහායි. ඉන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට මෙන්ම රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙරට ආරක්ෂක ලේකම් ලෙස පත් කරනු ලැබුවා. ඒ අනුව එතුමා අද දිනයේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. එතුමා මානුෂීක මෙහෙයුමේදී 53 වැනි සේනාංකයට අණදෙමින් කුරිරු යුද්ධය නිමා කිරීමට කටයුතු කල රණවිරුවෙකි.
අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් අතර විශේෂ සකාච්ඡාවක් පැවැත්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා. ඒ අරලියගහ මන්දීරයේදී ය. ඒ අනුව එජාපයේ ඉදිරි ගමන ගැන එහිදි අවසන් තිරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.