රථ වාහන වැරදි කිහිපයකට පහුගිය කාලයේ රුපියල් 25,000 දඩයක් නියම කරා ඔබට මතක ඇති. මේ නිසා රට පුරා විරෝධතාත් අතු වුණා. ඒ විදියට නියම කල රුපියල් 25,00 දඩය රුපියල් 3000 දක්වා සංශෝධනය කරලා තියෙනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මේ බව කිව්වේ ඊයේ පාර්ලිමේන්තුවේ තිබ්බ විවාදයකදී. හදුනා ගත්ත රථ වාහන වැරදි 33 ක් සඳහා […]
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙල් පළවෙනි රිදී පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්වෙන් තමයි මේ පදක්කම දිනා ගත්තේ. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 137ක බරක් එසෙව්වා. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 160කි. ඒ අනුව කිලෝග්‍රෑම් 297ක මුළු බරක් එසෙව්වා. ඊයේ දවසේදීත් බර ඉසිලීමේ […]
අගමැතිවරයාට එරෙහිව තිබ්බ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 ක් එතුමාට විරුද්ධව ඡන්දය දුන්නා. මේ නිසා එජාපයේ කට්ටිය හිටියේ තරහින්. අගමැතිවරයාගේ විශ්වාසභංගයේ උණුසුම යන්නත් කලින් තවත් විශ්වාසභංග යෝජනා 16 ක් අද එජාපයෙන් කතානායකවරයාට බාර දුන්නා. ඒ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන්න ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට එරෙහිව. එක් එක් මන්ත්‍රීවරයාට එරෙහිව වෙන වෙනම විශ්වාසභංග අත්සන් කරලා තියෙනවා.
https://youtu.be/KqlBW85zZY4
https://youtu.be/zqSpWMRQz9U
බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් තමයි සල්මන් ඛාන්. අවුරුදු 18 ක් පුරාවට සල්මන්ට එරෙහිව තිබ්බ නඩුවක තීන්දුව ඊයේ ඉන්දීය අධිකරණය ලබා දුන්නා. ඒ ඉතා දුර්ලභ මුවන් දෙදෙනෙක් දඩයම් කරපු නිසා. සල්මන්ට අවුරුදු 5 ක සිර දඬුවම් නියම වුණා. සල්මන්ට ලැබුණ මේ දඬුවම නිසා රසිකයන් වගේම ඔහුට හිතවත් බොලිවුඩ් තරු ගොඩක් දුක් වුණා. සල්මන්ට ලැබුණ මේ දඩුවමට […]
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත් වෙනවා. තරඟාවලියේ පළවෙනි දවසෙම ලංකාවට පදක්කම් දෙකක දිනා ගන්න පුළුවන් වුණා. මේ පදක්කම් දෙකම ලැබුනේ බර ඉසිලීමේ ඉසව්වෙන්. ඊයේ උදේ බර කිලෝග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම චතුරංග ලක්මාල් දිනා ගත්තා. ඒ වගේම ඊයේ හවස තවත් ලෝකඩ පදක්කමක් ලංකාවට දිනා ගන්න පුළුවන් වුණා. ඒ කාන්තා කිලෝග්‍රෑම් […]
දරුවෙක් කියන්නේ අම්මගේ මුළු ජිවිතයම. දරුවාගේ සතුට තමයි අම්මගෙත් සතුට. තමන්ගේ දරුවා දුකින් කියන්නේ අම්ම ඊට වැඩ දහස් වාරයක් දුක් වෙනවා. හැබැයි තමන්ගේ දරුවට එලව එලවා පහර දෙන අම්මා කෙනෙක්ගේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා. තායිවානයේ ෂුඩොන්ග් නගරයේදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. පුංචි පුතාට එලව එලවා පහර දෙන්න මේ අම්මා ඒ දරුවාව මහා මඟ […]
කඩවලින් කන්න එපා කියලා කොච්චර කිව්වත් සමහරුන්ට කඩේකින් නොකෑවොත් නින්ද යන්නේ නැනේ. සමහර කඩවල පාරිභෝගිකයා ගැන හිතලා බොහොම පිරිසිදුව හදානවා. හැබැයි සමහර කඩවල ඉස්සරහා ලස්සනට තිබ්බට කුස්සිය නිකන් ඌරු කොටුවක් වගේ. යාපනය නගරයෙන් ඉඳිආප්ප පාර්සලයක් ගත්ත පුද්ගලයෙක්ට එකේ තිබිලා පත්තෑයෙක් හම්බෙලා තියෙනවා. ඉඳිආප්ප පාර්සලය ලබා ගත්ත පුද්ගලයා මේ ගැන මහජන සෞඛ්‍ය කාර්යාලයට පැමිණිලි කරලා. කෑම […]
අද 2018 අප්‍රියෙල් මස 06 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.41 සිට දහවල් 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.45 සිට අලුයම 12.13 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය පෙර පින ඉස්මතු වන දිනයකි. සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. උදෑසන කාලය තුලදී වඩාත් කාර්යබහුල විය […]