News Line| Off Air
Generic placeholder image

Aug
10

නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක්

Generic placeholder image

අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් වෙත ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉන්දියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. මෙසේ ඉල්ලීමට හේතුව වී ඇත්තේ කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වන විට මිය යාමයි.


Aug
10

ශ්‍රී ලාංකිකයන් 176ක් දිවයිනට ගෙන්වා ගැනේ

Generic placeholder image

විදේශ රටවල් දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙක් රැගෙන අද අලුයම (10) ගුවන් යානා දෙකක් කටුණායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා. ඒ කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු සහ ජපානයේ රැදී සිටි 148 දෙනෙකු රැගෙනයි. මෙම පිරිස කටුණායක ගුවන් තොටුපළේදී පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


Aug
9

ඥානසාර හිමිට මන්ත්‍රී ධුරයක්

Generic placeholder image

මහ මැතිවරණයෙන් හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගත් බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළා. එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවක් අතරතුරයි.


Aug
9

යළි බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර

Generic placeholder image

අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන 15වෙනිදා සිට අමුත්තන්ට එම අවසරය සිමාවන්ට යටත්ව ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා අසාදිත රැඳවියෙකු හමුවීමත් සමඟ අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කළා.


Aug
9

හෙට සිට නැවත පාසල් ඇරඹේ

Generic placeholder image

හෙට (10) සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.


Aug
8

සමඟි බලවේගයේ ජාතික ලැයිස්තුව කඩිනමින්

Generic placeholder image

2020 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ මස 10 වන දාට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන බව සමගි ජන බලවේගය පක්ෂය පවසනවා. මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 7ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වනවා.


Aug
8

අගමැති හෙට දිව්රුම් දෙයි

Generic placeholder image

2020 මහා මැතිවරණයෙන් පසුව නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරු 9.00ට කැලණිය රජ මහ විහාරයේ දී දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළා. මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගෙන ජයග්‍රහණය කල අතර නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් […]


News Articles
Latest Videos
Most Popular Post