News Line| Off Air
Generic placeholder image

Apr
22

ඊයේ දිනයේත් අමෙරිකාවෙන් කොරෝනා මරණ 2802 ක්

Generic placeholder image

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. අද(22) උදෑසන වන විට ආසාදිතයින් 25න් ලක්ෂ 56,421 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් පුද්ගලයින් හය ලක්ෂ 90,102ක් සුවය ලබා තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් එක් ලක්ෂ 77,439 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ ද […]


Apr
21

කොරෝනා ආසාධිතයින් 310 දක්වා ඉහළට – අවසන් වරට වාර්තා වූ රෝගියා වරකපළින්

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. එමෙන්ම අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාධිතයා වරකාපොල ප‍්‍රදේශයේ අයෙකු බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව […]


Apr
21

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලැබූ දෙදෙනෙක් මෙලෙස සුවය ලැබූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
21

පිළියන්දල ප‍්‍රදේශයෙන් හමු වූ ආසාධිතයා ඇසුරු කළ 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට

Generic placeholder image

පිළියන්දල ප‍්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාධනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව පිළියන්දල ප‍්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඉන්දික එල්ලාවල සදහන් කළා. කෙසේ […]


Apr
21

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකියි

Generic placeholder image

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසනවා. නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවා. නව කොරෝනා වෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය […]


Apr
21

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 309 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 309 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් පස් දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
21

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ 25 කට ආසන්න වෙයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂයකට ආසන්න වී තිබෙනවා. අද(21) උදෑසන වන විට ආසාදිතයින් 24 ලක්ෂ 80,165 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වන අතර කොරෝඅනා ආසාදිතයන් ලොව පුරා එක්ලක්ෂ 70,370 ක් මේ වන විට මියගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් […]


Apr
21

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙස නියෝගයක්

Generic placeholder image

දිවයින් පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙසට රජය නියෝග කර තිබෙනවා. මීට පෙර ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වලට මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබුණා.


Apr
20

මහ මැතිවරණය ජූනි 20 වනදා

Generic placeholder image

මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.


Apr
20

ඉදිරි සති දෙක තුළ ජනතාව ප්‍රවේශම්ව කටයුතු කළ යුතුයි

Generic placeholder image

කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රෝග ලක්ෂණ නොමැති රෝගය පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බව ඔහු පෙන්වා දුන්නා. අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර […]


Apr
20

ඉන්දියාවෙන් දිනකදී වාර්තා වන වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි

Generic placeholder image

ගතවු පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 1,553 දෙනෙක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කළා. එක් දිනයක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවා. මේ වන විට එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 543ක් වන අතර ආසාධිතයින් ගණන 17,265ක්. […]


Apr
20

දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල්යයි

Generic placeholder image

ලබන ජූනි මාසයට යෙදි තිබූ දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල් දමා තිබෙනවා. දැනට පවතින කොරෝනා වෛරසය මීට හේතු වූ බව සදහන්. දෙරටෙහි කි‍්‍රකට් ආයතනය විසින් මෙම ඒකාබද්ධ තීරණය ගෙන ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම මෙම තත්ත්වය සමථයකට පත් වූ පසු මෙම තරගාවලිය සැළසුම් කිරීමට නියමිතයි. එක්දින […]


News Articles
Latest Videos
Most Popular Post