කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසනවා. වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා […]
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය නිරීක්ෂණයට ආරක්ෂක අමාත්‍යංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඊට බුද්ධි අංශවල ඉහළම නියෝජිතයන් 6 දෙනෙකු ඇතුළත්. සතිපතා ආරක්ෂක ලේකම්වරයාට වාර්තාවක් සපයන ලෙසට මෙම කාර්ය සාධක බලකායට උපදෙස් ලැබී ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් […]
2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්‍ෂ මහේෂ් ගම්මන්පිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහ කන්නයේ වී වගාව සඳහා වන […]
අද දින විවෘත කෙරෙන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව පළමු අදියර යටතේ බස් රථ 10 ක් යෙදවීමට සැළසුම් කර ඇති අතර පළමු ගමන් වාරය හෙට පෙරවරු 8.30 ට හම්බන්තොටින් ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ධාවනය වන […]
ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මීට පෙර පනවා තිබූ නීති 67 න් නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇති. ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව, තහනමින් ඉවත් […]
මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ඔහුට ගම්පහ, හෙට්ටිපොල, මිනුවන්ගොඩ සහ අත්තනගල්ල අධිකරණ මඟින් වරෙන්තු නිකුත් වී සිටි අයෙකු […]
කටුනායක – ඇවරියවත්ත ප්‍රධාන මාර්ගයේ හීනටියන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 10.45 ට පමණ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. කැබ් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළා. මහ මැතිවරණය පවත්වා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වා, පළාත් සභා බලගැන්වීමට කටයුතු කරන බව මහියංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට පිරිනැමු අතර තරගය පැවැත්වුනේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේයි. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 7 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 289 ක්. ශායි හෝප් 115 ක් ලබා […]
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන පස් දෙනෙකු මේ වනවිට රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණයට ලක් වනවා. ඉන් 4 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර, එක් අයෙක් කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර, කොරියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයත් සමග ගුවන්තොටුපලේ ආරක්ෂණ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බව […]
ආනයනික ලොකු ළූණු සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මේ බව දැනුම් දෙනු ලැබුවා.
කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ලද තොරතුරු මතයි. අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු […]