නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පලාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. චීන අලූත් අවුරුදු උළෙලින් පසු චීන ජාතිකයින් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට බියවීමට හේතුවක් නැතැයි විශ්වාස කරන බව මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව කරුණු දක්වමින් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වූහාන් නගරය වෙත ඇතුළුවීම සහ […]
ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබෙනවා. ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණ ඇති සිසුවෙකු බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. එසේම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනේල දොරවල් සවිකිරීම හා ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාවට […]
හෙට උදෑසන 8 සිට පැය 12 ක කාලයක් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා.
චීන ජාතික ධජයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැදීම ඩෙන්මාර්ක් පුවත්පතක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එම පුවත්පත උපහාසාත්මක ලෙස කාටුනයක් පළකර තිබුණා. Jyllands-Posten නම් පුවත්පත විසින් පසුගිය සඳුදා එම කාටුනය පළකර තිබු අතර එහිදී චීන ජාතික ධජය පළකොට එහි තිබෙන තරු වෙනුවට කොරෝනා වෛරසය හුවා දක්වා තිබෙනවා. මෙම කාටුනය සම්බන්ධයෙන් අදහස් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (28) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියා. සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළා. අද දිනයට තරගය ආරම්භ කර මේ […]
මේ වන විට 19 න් පහල ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කී‍්‍රඩක කි‍්‍රක් මැකෙන්සිගේ පාදය අබාධයකට ලක්ව තිබූ අතර නවසීලන්ත 19 න් පහල කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් ඔහුව ඔසවාගෙන ගොස් ඔහුට උදව් කරන ආකාරය දක්නට ලැබුණා. මෙහිදී නවසීලන්ත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් […]
කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සදහා ගනු ලබන මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර තිබෙනවා. ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණයක මිල රු.15 ක් ලෙසත් එන් 95 වර්ගයේ මුඛ ආවරණයක මිල රු.150 ක් වශයෙනුත් මිලදී ගැනීමට හැකියාව පවතින බව සදහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ නඩුවට අදාලව මෙම ප්‍රකාශය ලබා දී ඇති අතර ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ පැයක පමණ රහස් ප්‍රකාශයක් දී […]
අග්රාමාත්ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිලිබද ආචාර්ය උපාධියක් ලබාගෙන තිබෙනවා. 2015 වසරේ සිට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල නිකුත් වී ඇති බව සදහන්. ගණිතය පිලිබද ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමණාකරණය පිලිබද තවත් ආචාර්ය උපාධියක් සදහා […]
මේ දින වල ලෝකයේ වැඩිපුරම කතාවන මාතෘකාව බවට කොරෝනා වෛරසය පත් ව තිබෙනවා. උදෑසන 7 සිට 10 දක්වා සියත එෆ්.එම් මුළු රටම දන්න රේඩියෝ ඩබල අරවින්ද සහ ආශ්චර්යාගේ වැඩසටහනින් මෙම කොරෝනා වෛරසයේ බලපෑම පිලිබද විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොළඹගේ මහතා, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත […]
පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ෆේස්බුක් ආයතනය සිය සේවකයන්ට දන්වා තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ චීනයේ සංචාරය වළක්වමින් සිය සේවකයන්ට තහනමක් පැනවු පලමු ප්‍රධාන තාක්ෂණික සමාගම ෆේස්බුක්වීම ද විශේෂත්වයක්. ඔවුන් චීනයේ සිටින සිය සේවකයන්ට සිය නිවස් වල සිට සේවය කරන ලෙස දන්වා ඇති බව සදහන්. නව කෙරෝනා වෛරසය හමුවේ මේ වන […]