පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඞ් ඉන්ෂාෆ් අහමඞ් නමැත්තාගේ පියා වන මොහොමඞ් ඊබ්‍රාහීම් ඇතුලු ඥාතීන් 6 දෙනා ලබන 14 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 11 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී තමන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහයක ලෙස […]
චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ(30) රාත්‍රීයේ සහ අද(31) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම සිසුන් පිරිස පැමිණි බව සදහන්. ඊයේ රාත්‍රී 9.00ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 ක් ද, අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් […]
මෙරට සිටින චීන තානාපතිවරයා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බව ට්විටර් පණිවිඩයක් තබමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. නව කොරෝනා වෛරසය පාලනයට චීන රජය හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. එමෙන්ම ආසන්නම අවස්ථාවේදී අදාළ ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම […]
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබෙනවා. මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් […]
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සම්මත වී තිබෙනවා. සම නායකයන් දෙදෙනෙක්, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමට තීරණය වී ඇති බව සදහන්.
චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ගුවන් යානයක් ගොඩබෑමට චීන රජය යුහුසුළුවෙමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. හුබේ විදෙස් අමාත්‍යංශ කාර්යාලය සහ වුහාන් නගර බලධාරීන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසා බලන බව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා […]
සුප‍්‍රසිද්ධ අමෙරිකානු ජාතික පැසිපන්දු කී‍්‍රඩක කොබේ බ‍්‍රයන්ට් සහ ඔහුගේ දියණිය වූ 13 හැවිරිදි ජියානා බ‍්‍රයන්ට් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්කරමින් කැලිෆෝනියාවේ කැලබාපස් හි සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් දින කිහිපයකට පසු කොබෙ බ‍්‍රයන්ට් ගේ බිරිද Instagram හි පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අදාල පණිවිඩය මගින් මෙම වේදනාකාරී අවස්ථාවේ තමාට සහ තම දියණියන්ට ශක්තිය සැපයූ රසිකයින්ට […]
විශාලත්වයෙන් ලොව පස් වෙනි ස්ථානයේ පසුවන සුඛෝපභෝගී මගී නෞකාවට කොරෝනා වෛරසය ඇතුල්වී ඇති බවට සැක පළවී තිබෙනවා. මේ හේතුවෙන් එහි සිටින මගින් 7000ක් දැඩි අවධානමකට ලක්ව ඇති බව වාර්තා වුණා. ඉතාලී සමාගමකට අයත් සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින චීන ජාතික යුවලක් කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැක මතුවී ඇති අතර දැඩි උණ රෝගයෙන් පෙලෙන මෙම […]
කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා. පසුගිය 26 වනදා සිට මගීන් 4028 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් 1936 දෙනෙකු චීන ජාතිකයින් බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. ඔවුන්ට වෙනම පිටවීමේ ප්‍රදේශයක් […]
පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය මෙලෙස පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබෙනවා. මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා […]