News Line| Off Air
Generic placeholder image

Jan
23

විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසි

Generic placeholder image

විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා මෙලෙස නොතීසි […]


Jan
23

කැන්බරා ගුවන් තොටුපල තාවකාලිකව වැසෙයි

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ ලැව් ගිනි පැතිරීමේ අවදානමක් හේතුවෙන්. ඒ අනුව ගුවන් තොටුපළෙන් සිදුකරන සියලු ගුවන් ගමන් කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ වනවිට ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශය දැඩි දුමාරයකින් වැසී පවතින අතර ඒ ආසන්න මාර්ග රැසක්ද තාවකාලිකව වසා තැබීමට බළධාරීන් […]


Jan
23

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Generic placeholder image

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර තිබෙනවා. එම කොමිසමේ ප්‍රකාශිකාවක සඳහන් කළේ මේ මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලය මගින් මෙම පත්වීම සිදුකර ඇති බවයි. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න […]


Jan
23

සමන්තුරේ නිවසකින් හමු වූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගය

Generic placeholder image

සමන්තුරේ, ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ නිවසේ තිබී ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග‍්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබෙන බව වැඩි දුරටත් පොලිසිය සදහන් කළා.


Jan
23

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවිම්

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවිම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථාන මාරුවිම් ලබාදී ඇති බවයි. ඒ අනුව නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරි ආර්.එම්.පී රත්නායක මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරුකර තිබෙනවා. ඊට අමතරව ප්‍රධාන පොලිස් […]


Jan
23

කරදියාන කසළ කන්දේ ගින්නක්

Generic placeholder image

කරදියාන කසළ කන්දේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. මොරටුව ගිනි නිවීම් ඒකකය විසින් මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.


Jan
23

ශානි CIDයට එයි

Generic placeholder image

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.


Jan
23

අසාද් සාලි අදත් ජනපති කොමිසමට කැඳවයි

Generic placeholder image

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද(23) දිනයේ යලිත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. අද පෙරවරු 11.00ට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අසාද් සාලි මහතාට දැනුම්දී ඇති බව එම කොමිෂමේ ප්‍රකාශකයෙකු සඳහන් කලා. පසුගිය අගහරුවාදා දිනයේ ද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මෙම […]


Jan
23

ජයම්පතිගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෙබ වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඊයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කල බව වාර්තා වුණා. එතුමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදෙනු ලැබු බවද සදහන්. ඒ අනුව එතුමාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය […]


Jan
23

විශේෂ පක්ෂනායක රැස්විමක් හෙට

Generic placeholder image

පක්ෂ නායක රැස්වීමක් ද හෙට දිනයේ පැවැත්විමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු වෝහාරික විගණන වාර්තාව පිළිබද විවාදයට දින නියම කර ගැනීමටයි. කථානායකවරයා සදහන් කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම මත මේ පක්ෂනායක රැස්වීම කැඳවා ඇති බවයි.


Jan
23

අදත් වැස්ස

Generic placeholder image

දිවයිනේ අද දිනයේත් නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙනවා. උතුරු පළාතේ මිලි මීටර 50 පමණ තරමක තද වැසි ඇති විය […]


News Articles
Latest Videos
Most Popular Post