පසුගියදා චීන ජනපති ෂි පින්ජින් නිල සංචාරයක් සදහා මියන්මාරයට පැමිණි අතර මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුකී හමුවුණු අතර එහිදී මියන්මාරයේ මාධ්‍ය ඒ පිලිබදව වාර්තා කිරීමේදී චීන ජනපතිගේ නම ෂි ලෙස සදහන් කල අතර ඒ බුරුම භාෂවෙන්ය. කෙසේ වෙතත් බුරුම බසින් ෂි යන වදනට ඇති අර්ථය ඉංග්‍රීසියට පරිවර්තනය වීමේදී අසභ්‍ය වචනයක් ලෙස අර්ථ ගැන් […]
මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම එම වෛරසය හේතුවෙන් සෙසු රටවලටද අවදානමක් පවතින නමුත් ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවක් මේ වනතෙක් මතුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(23) පැවති හදිසි රැස්වීමේදී තීරණය කළ බව සදහන්. චීනයේ වුහෑන් නගරයෙන් පළමුවරට වාර්තා වු කොරෝනා […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළා.
මාතර මහ රෝහලේදී පිරිමියෙකු ලෙස රෝහලට පැමිණි අයෙකුට දාව උපත ලද දරුවා පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. කෙසේවෙතත් මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව ත්‍රිරෝද රථ රියෙදුරෙකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා එම දරුවා භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම දරුවා හදාවඩා ගැනීමට කැමති යුවලකට දරුවා භාරදීමට අවශ්‍ය පසුබිම […]
බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාතාමක අපරාධකරුවකු වන දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරුජුවා නැමැත්තාගේ සමීප ඥාතියෙකු ලෙස සැලකෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 850ක් ලඟ තබා ගෙන සිටියදී. හංවැල්ල, රණාල සහ නවගමුව ඇතුළු ප්‍රදේශවල මිනිස්බල ආයතන සහ ප්‍රවාහන ඒජන්සි ආයතන […]
සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ එම පියවර ගත් බව පොලිස් මුලස්ථානය නිවේදනය කළ අතර ඒ යටතේ යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුවපිටිය බස්නාහිර දකුණු දිසාවට මාරු කර තිබෙනවා. බස්නාහිර දකුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න මහතා යාපනය දිසාවට මාරු […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් ඊයේ හිමිකර ගැනීමට සමත් වුණා. ඒ කඩුලු 10 කින්. තරගයේ පළමුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 515 ක් රැස් කළා. දෙවෙනි ඉනිම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා […]
පසුගියදා චීනයෙන් වාර්තා වුණු මාරාන්තික නව කොරෝනා වෛරසයට හේතුව චීනයේ ක්‍රයිට් සහ චීන නාගන් යන විශේෂයක් බව හදුනාගෙන තිබෙනවා. මෙම නාග විශේෂය දරුණු විෂ සහිත සර්ප විශේෂයක් බවත් රෝගයට ගොදුරුවූ රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් හරහා චීනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා. චීන ජාතිකයින් බහුල වශයෙන් සර්පයින් සිය ආහාරයට එක් […]
දිවයින පුරා අද දිනයේත් ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළගේවේගය විටින් විටපැ.කි.මී. 40 – 50 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. ගිගුරුම් සහිත වැසි […]
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. හරාරේහිදී පැවති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් ලබාගත්තා ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9ක් දැවී ලකුණු 515ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටවූ අතර සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා වුනා. ඒ අනුව […]
රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කළා. තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අද (23) යි. ඊයේ (22) දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කර ගෙන සිටියා. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන […]