News Line| Off Air
Generic placeholder image

Aug
29

කැන්ටබරියේ අගරදගුරු අද දිවයිනට

Generic placeholder image

කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් අද (29) මෙරටට සැපත් වීමට නියමිතව තිබෙනවා. අගෝස්තු 31 වනදා දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිත බව සදහන්. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මුණ […]


Aug
29

එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවට එයි

Generic placeholder image

ඩිලාන් පෙරේරා සහ එස්. බී. දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ පක්ෂ සාමජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වෙනවා. මිට සුළු මොහොතකට පෙර එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතින් එම සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Aug
29

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහන් අද සිට

Generic placeholder image

බස්නාහිර පලාත කේන්ද්‍රකර ගනිමින් තෙදින මදුරු මර්ධන වැඩසටහන් අද ආරම්භ වුණා. ඒ නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග බස්නාහිර පලාතේ ඩෙංගු අවදානම වැඩි වීම හේතුවෙන්. ඒ අනුව මේ සදහා සෞඛ්‍ය නිළධාරීන් ඇතුලූව 500 ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා. මේ යටතේ පොදු ස්ථාන පිරිසිදු කිරීම් සහ නිවාස ඇතුලූ පරිශ‍්‍ර පරීක්ෂා කිරීම් ද සිදුවනු ඇති අතර […]


Aug
29

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලි කප්පාදුවක්

Generic placeholder image

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාලය දිගින් දිගටම විදුලි ගාස්තු ගෙවීම අතපසුකිරීම හේතුවෙන් පාකිස්තාන විදුලි සමාගම මෙම පියවර ගෙන ඇති බවයි. මෙම මාසයේදී පමණක් අගමැති කාර්යාලයේ විදුලි බිල පකිස්ථානු රුපියල් ලක්ෂ 41ක් වන අතර කඩිනමින් විදුලි බිල ගෙවා අවසන් කරන තෙක් විදුලිය ලබා නොදෙන බවයි විදුලි සමාගම […]


Aug
29

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් හා හසීස් කිලෝවක් කොළඹින් අල්ලයි

Generic placeholder image

වත්තල ප‍්‍රදේශයේ සිදුකළ වැටළීමක දී අයිස් සහ හසීස් නැමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග‍්‍රෑම් 157ක් සහ හසීස් මත්ද්‍රව්‍ය ග‍්‍ර‍්‍රෑම් 413ක් සොයා ගත් බවත් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන ලද රුපියල් එක් ලක්ෂ 24 දහස් 980ක් මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු […]


Aug
29

දිනන අපේක්ෂකයා නොබෝ දිනකින් – එජාපෙ

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මිනුවන්දෙණිය ප‍්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින්.


Aug
29

ලස්සන සින්දුවක් මේ ” නුරා හැගුම් “

Generic placeholder image

ආදරය ගැන කියවෙන ලස්සන තනුවක් හා පද වැලකින් නිර්මාණය වුණු ” නුරා හැගුම් ” නම් මෙම ගීතය ගායනා කරන්නේ කසුන් සංජය වන අතර මෙහි තනුවද ඔහුගේ නිර්මාණයකි. මෙම ගීතයේ රචනා කර ඇත්තේ පසිඳු දිල්හාරයි. ශුංගාර වූ ඒ ආදරේ වැහිලා ශර්වරී හා රෑ චන්දනී පායලා අදුරේ හී මා දකිනා වීදිනා සිහිනයේ රෑ ආදරී ඈ තමා මා […]


Aug
29

බ්‍රසීලය එපා කියූ G – 07 ආධාර නැවත ඉල්ලන ලකුණු

Generic placeholder image

ඇමසන් වනාන්තරය තුල ඇති වී තිබෙන වාර්තාගත ලැව්ගිනි මැඩපැවැත්වීම සදහා සහය දීමට පසුගියදා ලෝක නායකයින් එකගත්වයට පත් වුණා. ඒ ජි – 07 සමුළුවේදී ඇ.ඩෝ. මිලියන 22 මුල්‍ය ආධාරයක් බ්‍රසීල රජය වෙත පිරිනැමීමට තීරණය කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම ආධාර බ්‍රසීල රජය ප්‍රතික්ෂේප කල අතර ඒ යුරෝපය ඇතුළු බලවත් රාජ්‍යන් මේ ආධාර මුවාවෙන් ඇමසන් වනාන්තරය ආශ්‍රිත […]


Aug
29

විවෘත කතා බහක් අවශ්‍යයි – සංගාගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

වත්මන් සමාජය තුල පවතින මානසික ආතතිය වැලැක්වීම සදහා නොමිලයේ ක්‍රියාත්මක 1333 සේවාව ප්‍රචලිත කිරීම පිළිබද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ප්‍රකාශ කලේ වත්මන් ක්‍රීඩාවේ මානසික ඇදවැටීම සදහා විවෘත කතිකාවතක් සිදු කල යුතු බවයි. එසේ නොකිරීම නිසා අද වන විට බොහෝ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවිය පවා පසුබෑමකට ලක්ව […]


Aug
29

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

Generic placeholder image

සමාජය තුල උද්ගත වී ඇති ප්‍රධාන ගැටළුවක් වන මාරක රිය අනතුරු අවම කර ගැනීම හා මාර්ග නීති උල්ලංඝණය කරමින් අපරික්‍ෂාකාරී ලෙස රිය පදවන බස් රථ රියදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා එලෙස එම රියදුරන් පිලිබදව තොරතුරු ලබා දෙන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මාර්ග නීති කඩන අපරික්‍ෂාකාරී බස් රථ රියදුරන් […]


Aug
29

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද තරග බිමට

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු පුහුණු 20යි 20 තරඟය අද කටුනායක ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා. එමෙන්ම නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය සැප්තැම්බර් 01 වන දින පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට සුදානම් වනවා. 20යි 20 තරග තුනක් ඊට ඇතුලත් වෙනවා.


Aug
29

සජිත් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ඊයේ විශේෂ සාකච්ඡාවක

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සම්බන්දයෙන් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවත්වුණු බවට වාර්තා වෙනවා. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට සහය දක්වන මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ රාත්‍රි භෝජන […]


News Articles
Latest Videos
Most Popular Post