එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කල යුතු බවයි ඒමෙන්ම උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ මේ […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රීඩක වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉදිරියට පැමිණ තිඛෙනවා. ඒ අනුව නිමාවට පත්වු බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ වීරයා බවට පත්වු ඇන්ජලෝ මැතිව්ස්ට තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 12 වන ස්ථානය හිමි වුණා. එමෙන්ම එක්දින පිතිකරුවන් වර්ගීකරණයට අනුව මැතිව්ස් 31 වන ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව සහභාගිවු අවසන් තරග […]
කිරිපිටි සඳහා නව මිල වැඩිවීම පිලිබදව අදහස් දැක් වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් ප‍්‍රකාශ කළේ දැනට වෙළදපොළේ ඇති සියළුම ආනයනික කිරි පිටි සඳහා නව මිල ඉහළ නැංවීම බල නොපාන බවත් අගෝස්තු පළමු වනදා දිනය සහිත සහ ඉන් පසුව නිෂ්පාදිත දිනය සඳහන් කිරිපිටි සඳහා පමණක් නව මිල වැඩිවීම බල පැවැත්වෙන […]
ජර්මනියේ හැම්බර්ග් වරායේ රේගු නිලධාරීන් පිරිසකට මෙතෙක් එරට විශාලතම කොකේන් තොගය හසු කරගැනීමට හැකිව තිබෙනවා. උරුගුවේ මොන්ටෙවීඩියෝ සිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් වෙත කොකේන් ටොන් හතරකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ හමුව ඇති බව සදහන්. සෝයා බෝංචි ලෙස ලැයිස්තුගත කර ඇති මෙම නැව්ගත කිරීම කළු පැහැති ක්‍රීඩා බෑග් 200 කට අධික ප්‍රමාණයක සඟවා තිබූ අතර දැඩි […]
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අද(03) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
අද අලව්ව සහ පොල්ගහවෙල අතර අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරය සඳහායි.
උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් වරුවේ පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට […]
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.මෙම භූකම්පනය සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ කිලෝමීටර් 32ක් ගැඹුරින් වූ මුහුදු පත්ලේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.මේ වන විට ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒකකය විසින් එරට පිහිටි බාන්ටේන්, බටහිර ජාවා, ලාම්පන්ග් ඇතුළු වෙරළ කලාපයන් සඳහා සුනාමි […]
කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ නිරුපණය කරන ජනප්‍රිය ගායන ශිල්පී බුද්ධික රඹුක්වැල්ල අලුත් ගීතයක් කරලා තියෙනවා. මේ ගීතයේ නම පාර්ලිමන්ට් අඩහැරය නොහොත් ලොරි ටෝක්. මේ ගීතය පද රචනය කරලා තියෙන්නේ පර්සි රාජපක්ෂ සංගීතය කරලා තියෙන්නේ ශාලික ඉෂාන් . ඒ වගේම සංගීත සංයෝජනය කරලා තියෙන්නේ චමත් සංගීත් . කපිරිඤ්ඤා තාලයට ගැයෙන මේ ගීතය බුද්ධික රඹුක්වැල්ල සමග ප්‍රවීණ […]
5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට නොවැරදීම අසන්නට දිය යුතු මහා බලගතු ගණ දෙවි වන්දනා ගාථා රත්නය.. ඕම් ගං ගණපතියේ නමෝ නමහා ශ්‍රී සිද්ධි විනායක නමෝ නමහා අෂ්ට විනායක නමෝ නමහා ගණපති බප්පා මෝධ්‍යා ඕම් ගං ගණපතියේ නමෝ නමහා