කුමන පක්ෂයක වුනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ආණ්ඩුව වශයෙන් උදවු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය. එන්ටර්ප‍්‍රයිස් සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ ‘‘එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ඔබේ ගමට’’ ජංගම සේවයේ මාතර, වැලිගම නගර සභා පරිශ‍්‍රයේ සමාප්ති උත්සවයට ඊයේ (24) සහභාගි විමෙන් අනතුරුව එම ස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය . එහිදි […]
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අලුත්කඩේ අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළවයි. අත්අඩංගුවට ගත් පිරිස අතරට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද අයත්. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දී ඇත්තේ […]
කොළඹ, ගම්පහ, මන්නාරම යන දිස්ත‍්‍රික්කවලට සහ වයඹ පළාතට උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට (26) දිනයේ එම දිස්ත‍්‍රික්ක 03 සහ වයඹ පළාතට වැඩි උණුසුමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ පිළිබඳ එම ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
කුරුණෑගල ප්‍රදේශයෙන් ඊයේ (24දා) සෙල්සියස් අංශක 37.5ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ ගොස් තිබේ. මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1ක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑම අනුරාධපුර/කටුගස්තොට/කුරුණෑගල/මහා – ඉලුප්පලම/වව්නියාව – සෙල්සියස් අංශක 03කින් බදුල්ල/යාපනය/රත්මලාන/ත්‍රිකුණාලමලය- සෙල්සියස් අංශක 2කින්.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් නිසාවෙන් නුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කැලණියේ සිට කොළඹ දක්වා රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. විරෝධතා පාගමනේ නිරත සිසුන් මේ වනවිට පෑලියගොඩ පාලම පසු කරමින් කොළඹ දෙසට ලඟා වෙමින් සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේය. ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ප‍්‍රති ත‍්‍රස්ත පනතට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් […]
දිවයින පුරා විදුලිය විසන්ඳිවන වෙලාවන් සහ ඒ හා අදාල ප්‍රදේශ සඳහන් කරමින් ලංකා විදුලිබල මන්ඩලය විසින් කාලසටහනක් නිකුත් කර ඇත.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (25) පෙරවරුවේ ආරම්භ වුණා. එහිදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ “අද වන විට අපේ රට තුළ මෝටර් රථ මිලියන 7කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේක නිසා තමයි මේ ප්‍රවාහන තදබදය ඇතිවෙලා තියෙන්නේ.” යනුවෙනි.
මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරා. ගම්පහ සණස ශාලාවේදී පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් උන්වහන්සේ එසේ පැවසූවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමි ප්‍රකාශ කළේ, “මේ පුජනීය පින්බිම වස විසෙන් තොර කරලා […]
සිය රජයට විරුද්ධව පවතින දූෂණ චෝදනාවක් හේතුවෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ තිබූ චන්ද විමසීමක් අතරතුර හොර රහසේ චොකලට් අනුභව කිරීමේ වරද පිළිගත් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලාතිබෙන බව විශෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාත්‍රී කාලයේ තිබූ ඡන්ද විමසීමකදී මේසෙ යට සඟවාගෙන අගමැතිවරයා කෙටි කෑමක් අනුභව කරන බව විපක්ෂ මන්ත්‍රී ස්කොට් රීඩ් අගමැතිවරයා සභාවට පවසා තිබෙනවා. […]
බොලොවුඩ් සිනමාවට ගොඩක් වැදගත් උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල 64 වන වරටත් මෙවර පැවැත්වුණා. ‘රාසි’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනාගත්තා. හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තේ රාසි චිත්‍රපටය වෙනුවෙන් ආලියා බාත්. හොඳම අධ්‍යක්ෂවරයා රාසි චිත්‍රපටය වෙනුවෙන් මේඝානා ගුල්සාර්. හොඳම නළුවා සංජු චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර්. හොඳම නවක නිළිය කෙදර්නාත් චිත්‍රපටය වෙනුවෙන් සාරා අලී […]
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට සමගාමිව අද පෙරවරුවේදී මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැනට මාස කිහිපයක පෙර ඇති වූ ”නිට්ටෑවන්” පිළිබඳ කතාබහ මේ වෙනකොට අඩුවෙලා තිබ්බත් ආයෙත් නිට්ටෑවන් පිළිබඳව කතාවක් ඉස්මතු වී තිබෙනවා. එහි නවතම සිදුවීම ලෙස ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයට අයත් රිලාගල වතු යායට නිට්ටෑවන් පැමිණි බව කියමින් එම වතුයායේ ජනතාව නිවෙස් හැර යාමට පෙළඹී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව එම වතු යායේ හුදෙකලා ව […]