News Line| Off Air
Generic placeholder image

Feb
21

ක්‍රිකට් නිලවරණය අවසන් ජය ශම්මි ද සිල්වාට

Generic placeholder image

අද දවසේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් උනා. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතා ජන්ද 83ක් ලබා ගනිමින් නව ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබෙනවා. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා තරග කල ජයන්ත ධර්මදාස මහතාට මෙහිදි ලැබී තිබුනේ ජන්ද 56ක් පමණයි.


Feb
21

රුසියානු සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

Generic placeholder image

රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වෙනවා. හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ. 450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය […]


Feb
21

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කොකේන් සිද්ධිය ගැන කථානායකගෙන් දැනුම්දීමක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැවසෙන අදාළ සිද්ධිය පිළිබඳව අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දීමක් සිදු කර තිබේ. එහිදී කථානායකවරයා සඳහන් කර ඇත්තේ කොකේන් භාවිතා කරන බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් මෙතෙක් තමන් වෙත ලිඛිතව ලැබී නොමැති බවයි.


Feb
21

රන්ජන් සහ බුද්ධික පුටුවලින් ඉවත් කරන්න එජාපෙ රැස්වීමේදී පිරිසකගේ එකඟතාවයක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ දරණ තනතුරුවලින් ඔවුන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටු හරහා තීරණ එනතුරු නොසිට අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස මෙහිදී ඉල්ලා තිබෙන බවයි. මැති ඇමතිවරුන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය […]


Feb
21

මන්ත්‍රීවරුන් සිරවූ සෝපානය වෙනුවට නව සෝපාන 10ක්

Generic placeholder image

මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයායි. මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය. අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු යැයි දැනෙන්නේ නම් මෙතරම් මුදලක් වැය කර සෝපාන සවි කිරීම ගැන අපි ප්‍රශ්න නොකරන්නෙමු. නමුත් ජනතාව විමසන්නේ, තම ප්‍රශ්න විසඳීමට මේ තරම් […]


Feb
21

දැඩි ආරක්ෂාවක් මැද ක්‍රිකට් නිලවරණය දහයට ඇරඹේ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිතයි.මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබෙනවා.එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතායි.උපසභාපති ධූරයට […]


Feb
21

ක්‍රිකට් පාටිය ගැන අරවින්ද කියපු කතාව – හිප් හිප් හුරේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Feb
20

කොකේන් භාවිතා කරන 24 දෙනාගේ නම් පමණක් හෙළි කරන්න – මහින්ද

Generic placeholder image

මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත්  කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන  බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රැධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 ක් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් […]


Feb
20

රංජන්ගේ කොකේන් ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේදීත් කතාබහක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය පිළිබද පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ ප‍්‍රකාශය පිළිබද විමර්ශනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි. එම කමිටුව සිය විමර්ශන වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන […]


Feb
20

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරිමට මා එකඟයි – ජනපති

Generic placeholder image

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි. 05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික […]


Feb
20

ජා-ඇල මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්ප්‍රීතු පෙරීමේ මධ්‍යස්ථානයක් වටලයි

Generic placeholder image

2019.02.20 වන දින අලුයම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් දින තුනක ප්‍රයත්නයකින් පසු ජා-ඇල, පුඩැල්ල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් නීති විරෝධී මත්පැන් සහ මත්පැන් නිපදවීමට යොදාගන්නා උපකරණ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. 02. මෙම ප්‍රදේශය වගුරුබිම් සහ ඇල […]


Feb
20

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයක් විවෘත වේ – PHOTO

Generic placeholder image

තම ඉතිහාසය පෙන්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කෞතුකාගාරයක් අද උදෑසන විවෘත කර නු ලැබුවා. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වුණා. එය විවෘත කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අතිනි.  


News Articles
Latest Videos
Most Popular Post