නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. කැබිනට් නොවන අමාත්‍යවරු 01 රවින්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය 02 වී. රාධකිි්‍රෂ්නන් – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය 03 අබ්දුල්ලා මහරුෆ් මහතා […]
මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ තුනක් යටතේ අය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා වාර්ෂිකව අයකරන බදු මුදල රුපියල් 62.50 ක් වන අතර එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක් සඳහා අය […]
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට හා දේශපාලන මණ්ඩලයට ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් […]
ශ්‍රී ලංකාව හා පැවැති එකම විස්සයි විස්ස තරගයෙන්ද නවසලීන්ත කණ්ඩායම ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඕක්ලන්ඩ් පිටියේ පැවැති තරඟයේ නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 179ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 144ක් පමණයි. ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරගාවලි තුනම […]
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා 5ක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඒ පිළිබඳව විවාදයක් ආරම්භ වුණා. මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය […]
අද දිනයේ සමාජජාල තුල වැඩියෙන්ම හුවමාරු වෙන ජායාරූපය බවට පත්ව ඇත්තේ ඊයේ දිනයේ පැවති භාතිය සන්තුෂ් ඔබ නිසා ප්‍රසංගයට පැමිණි ලංකාවේ ප්‍රභලම දේශපාලන චරිත තුන එකට සිට ප්‍රසංගය රසවිදින ආකාරය දැක්වෙන ජායාරූපයයි. සංගීතයට කල නොහැක්කක් නැහැ යනුවෙන් මෙය හුවමාරු වීමත් විශේෂයක්.පහතින් දැක්වෙන්නේ එම ජායාරූපයයි.
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියැදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටිනවා. එමෙන්ම අවයව දන්දීමේ මෙම පුණ්‍ය කර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගයකිරීම සඳහාද ඉදිරියේදී කටයුතු සැලසුම් කරමින් පවතින බව ජනාධිපති […]
වාහන ලියාපදිංචි කිරීම, පැවරීම ඇතුළු රථවාහනවලට අදාළ සියලු කටයුතු ඊ-මෝටරින් ක්‍රමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් සිදුවන බවත් එය එළැඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරනවා. මේ අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ සිට පැවරීම් ඇතුළු සියලු කටයුතු ඊ-මෝටරින් යටතේ ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් […]
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා 2019 වසරේදී වර්ධනය වෙනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා. 2019 වසරේදී ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් දේශීය ඉල්ලුම, යටිතල පහසුකම් සංවර්ධනය විම හරහා සිදුවන ආයෝජන වර්ධනය හේතුවෙන් මෙසේ ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි ලෝක […]
ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් ගත් ඇන්ටනෝව් 32ක වර් ගයේ මගී ගුවන් මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහෙෂ් වීරමන් මහතා විසින් නියම කළා. ඒ ඔවුන්ට එල්ල වූ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් මෙවරත් නම් කර සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අද(10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසුවා. මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් පක්ෂයෙන් නම් කොට තිබෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙනවා. සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද පත් කර තිබෙනවා. මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා […]