News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

ඉදිරිය ගැන අරලියගහ මැදුරේ කතාබහක් | Photos

Generic placeholder image

ඊයේ දිනයේ තීන්දුව ලැබීමත් සමග ඉදිරි වැඩපිළිවල ගැන එජාපයේ නායකයින් අරලියගහ මන්දිරයේදී කතාබහක නිරත වෙමින් සිටින ආකාරයේ ජායාරූප කිහිපයක් අපට සමාජ ජාල මාධ්‍යය ඔස්සේ ලැබුණා. මෙහිදී රනිල්,සජිත්,නවීන් කතාබහේ යෙදී සිටින ආකාරය දැකගත හැකියි. ඊයේ තීන්දුවෙන් පසුව ජනපතිගේ ස්ථාවරය තවම නිල වශයෙන් දන්වා නැහැ. ජායාරූප – Saman Athaudahetti


Dec
14

වසර 40ක සේවා දිගුව නිමා කරමින් ඊවා වනසුන්දර විශ්‍රාම යයි

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරුණා අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ දී අසුන් ගනු ලැබුවේ ඊවා වනසුන්දර බුවනෙක අලූ‍විහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලය නිමවා අද විශ්‍රාම ලබන බව එහිදී බුවනෙක අලූ‍විහාරේ මහතා නිවේදනය කලා මේ සම්බන්ධයෙන් […]


Dec
14

ප්‍රංශයේ කහකබා කරුවන් මෙන් 17 වෙනිදා රතුකබා කරුවන් කොළඹට ඒමට සූදානම්

Generic placeholder image

එජාපය සහ තවත් සිවිල් සන්ධාන රැසක එකතුවෙන් 17 වෙනිදා ගාලුමුවදර පිටියේ පැවැත්වෙන උත්ඝෝෂන රැළිය නම කර ඇත්තේ රතුකබා කරුවන්ගේ රැළිය ලෙසයි. එහි ප්‍රචාරණ දැන්වීම් මේ දිනවල සමාජ ජාල මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා. පසුගිය කාලයේ ප්‍රංශයේ පැවති උත්ඝෝෂණ මාලාව හදුන්වා තිබුනේද කහකබා කරුවන්ගේ ව්‍යාපාරය ලෙසයි. ඔබ මේ පහතින් දකින්නේ එම පුර්ව ප්‍රචාරක දැන්වීමයි…


Dec
14

එජාපයට ආණ්ඩුව භාර දීමට සූදානම්…? ජනපතිගේ තීරණය ගැන ඉඟියක්

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වනදා නව කැබිනට් මණ්ඩළයක් පත්කරනු ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බහුතරය පෙන්වන පාර්ශවයට පාලන බලය ලබාදීමට ජනාධිපතිවරයා අවසර දෙනු ඇතැයි බවයි. එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම වැඩිදුරටත් සඳහන් කලා.


Dec
13

ජනපතිට එරෙහිව දෝෂාභියෝගක්…?

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. “ජනපති දැන් වැරදි කාරයෙක් වෙලා ඉවරයි. රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කිරිමත් වහාම සිදුවිය යුතු වෙනවා. […]


Dec
13

විපක්ෂයට යන තීරණය ගන්නේ ජනපති එක්ක සාකච්ඡාවෙන් පස්සේ දිනේෂ් ගුණවර්ධන කියයි

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. “ජනතා වරමක් ඇති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දීලා තියෙනවා. ජනතාව තමයි අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුවක් තිබෙනවාද නැත්ද කියා. අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් […]


Dec
13

අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් ගම්මම්පිල කියයි

Generic placeholder image

ආණ්ඩුවෙන් බැහලා යන්න සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපටදි පැවසුවා. “එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ […]


Dec
13

ජනපතිත් තීන්දුවට ගරු කරයි කියලා මම හිතනවා රනිල් කියයි

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම අංග බවත් ඔහු පෙන්වා දී තිබුණා.


Dec
13

තීන්දුව පිළිගන්නවා – නාමල් පණිවුඩයක් නිකුත් කරයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.


Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී පණිවුඩය රනිල්ට ලැබුණු හැටි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කල නිවේදනය රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිට ලැබෙන්නේ අරලියගහ මන්දිරය තුල රැදී සිටියදියි.එම තීන්දුවේ පණිවුඩය ලැබෙන මොහොතේ ජායාරූපයක් අපට ලැබුණා. මේ එම ජායාරූපයයි…


Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද..? වැරදිද..? රටම බලාසිටි තීන්දුව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ පෙත්සම් විභාගයේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ලබා දුන්නා. මෙම තීන්දුවෙන් කියැවුණේ ජනදිපතිතුමන්ට වසර 4 2/1 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොමැතිබවත් ඒ අනුව මෙම විසුරුවා හැරීම වලංගු නොවන බවයි. සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය අනුව මේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් විශේෂයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න…


Dec
13

ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තරකෙරෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය. තීන්දුව ප්‍රකාශ කිරිමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post