නව අග්රාමාත්ය ලේකම් ලෙස යලිත් සමන් ඒකනායක මහතා පත් කෙරේ. මීට පෙරද අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සමන් ඒකනායක මහතා ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පාරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක්ද ලබා ඇත. යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ කටයුතු, මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග්රාමාත්ය […]
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා 05 වන වරටත් අද (16) අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී. අද පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සිදුවුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකුට පමණක් ආරාධනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා […]
මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් නිකුත් කළා.
මහින්ද රාජපක්ෂ සහ සන්ධාන මන්ත්‍රීවරුන් මේ මොහොතේ ජනපති සමග විශේෂ හමුවකට එක්වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මේ හමුව අවසානයේ දේශපාලනික තීන්දු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ අග‍්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය තව දුරටත් ක්‍රියාත්මක බවයි අද දිනයේ අධිකරණය දන්වා සිටියේ.ඒ අනුව තව දුරටත් රටේ නිත්‍යානූකූල ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් ක්‍රියාත්මක නොවන බවයි දේශපාලකයින් පෙන්වා දෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ අග‍්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වළක්වන්නයි ඉල්ලා ගොනු කල අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන විභාගය සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලීමක් සිදුකරන මෙන් ඉල්ලා ත්‍රිපුද්ගල […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශ පිළි නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට […]
අද සවස් වරුවේ දේශපාලනයේ තීරණාත්මක තීන්දු කිහිපයක්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.එහිදී මහින්ද පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එමෙන්ම සවස් වරුවේ තවත් විශේෂ තීන්දු කිහිපයක්ම ගනු ඇති බවයි පක්ෂ විපක්ෂ දේශපාලන ආරංචි පෙන්වා දී තිබුණේ.
නවසීලන්ත තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස සහ එක්දින සංචිතයේ නව නායකයා ලෙස නම්කර ඇත්තේ ලසිත් මාලිංගවයි. එමෙන්ම උප නායක තනතුර සදහා නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබෙනවා. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද මෙම සංචිතයට ඇතුලත්ව තිබීම විශේෂත්වයක්. ක්‍රීඩා අමත්‍යංශයේ ඇමතිවරයෙක් නොමැති නිසා මෙම පත් කිරීම් සදහා අනුමැතිය ලැබී […]
අද සවස් වරුව වන විට මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. මේ තීන්දුව කුමක් සම්බන්දයෙන්දැයි වාර්තා වී නැහැ. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ සිය ධූරය සම්බන්දයෙන් මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා ජිප්සීස් අලුත් විදිහට කියයි, වීඩියෝව පහතින්…