අද පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු ගර්භය තුළ ඉතා උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතානායකවරයාගේ දෙසට පුටුවක් විසි කරන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණේ මේ ආකාරයටයි.
අද පාර්ලිමේන්තු සභා රැස්වීමේදී දැඩි කලහකාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී පාර්ලිමේන්තු ගර්භය තුළ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර මේ එහි ඡායාරූප කිහිපයක්.
පාර්ලිමේන්තු සංකීරණයේ පැවති උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ වන විට පාර්ලිමේන්තු රෝහලේ ප්‍රථිකාර ලබන් සිටින බව වාර්තා වනවා. ජලය පිරවු බෝතලයකට මිරිස් කුඩු මිශ්‍ර කර එල්ල කළ ප්‍රහාරකින් මන්ත්‍රීවරයාගේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. කවුරුන් විසින් මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ලවුයේද යන්න තවමත් අනාවරණය වී නැති අතර අණ්ඩු […]
“අද වුණ දේ ගැන බොහෝම කනගාටුයි. අපිට 113 නැත්නම් තියෙන අයට දීලා යන්න ඕන. තානාපතිවරු ඔක්කොම ඇවිත් හිටියේ. මේවා ඔක්කොම පිටරටට යනවා. මේ වගේ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයා අනුමත කරන්නේ නෑ. ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර් වෙල්ගම මහතා සඳහන් කරනවා.
අද දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව යළිත් වරක් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පාඨලී චම්පික රණවක මහතා පවනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ජනාධිපතිවරයා විසින් ගොනු කරන ලද පෙත්සම් විභාගය කිරීම සදහා සම්පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා ගනිමින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) මෝසමක් ගොනු කරමින් විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා […]
මන්ත්‍රිවරු ඝාතතය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බවත් ඒ අනුව එම කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දින පිරිහෙමින් යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසාවෙන් හෝ කල් තැබීමක් සිදු නොකරන බවත් සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටිනවා.
පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේදී ආණ්ඩු පක්ෂය විසින් මිරිස් වතුර ප්‍රහාරයක් විපක්ෂයට එල්ල කර තිබෙනවා.මේ පිළිබදව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කල විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ඔහුට මෙන්ම තවත් බොහෝ පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
පාර්ලිමේන්තුව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබීමට කථානයාක කරු ජයසූරිය මහතා කටයුතු කරනු ලැබුවා.
පොලිස් ආරක්ෂාව යටතේ කථානයක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. කෙසේ වෙතත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ආසනයවෙත පැමිණිමට ඉඩ ලබා දුන්නේ නැහැ . එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක දෙසට පුටුවකින් දමා ගැසුවා.
මේ මොහොතේ පාර්ලිමේන්තු සංකීරණයට හෙලිකොප්ටර් යානාවක් ගොඩ බස්වා තිබෙනවා. සාමන්‍ය සම්ප්‍රධයට අනුව පාර්ලිමේන්තු ප්‍රරිශයට හෙලිකොප්ටර් යානවකින් පැමිණෙන්නේ අගමැතිවරයා හෝ ජනාදිපතිවරයායි.තව තොරතුරු ලද විගස බලාපොරොත්තුවන්න