අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට අද දිනය තුල ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පාර්ශවයට නිසි අයිතිය ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි.
ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු ඊයේ පස්වරුවේ එම කරුණු සඳහන් කළ බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා […]
අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්දයෙන් මාධ්‍යය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්…
ඊයේ පාර්ලිමේන්තු සිද්දිය ගැන රන්ජන් රාමනායක මාධ්‍යවේදීන් හමුවේ පලකලේ මෙවන් අදහසක්. අපි ජනාධිපතිතුමාට ඊයේ 122 ක අත්සන් තිබෙන බව කිව්වා. නමුත් එතුමා එය පිළිගන්න බෑ කිව්වා. ඊට පස්‌සේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් 122 කම ජනපති හමුවට ගෙන එන බව කීවා. ජනාධිපතිතුමා එයට අකැමැති වෙලා පක්‌ෂ නායකයන් පමණක් එවන්න කිව්වා. අපි අද පාර්ලිමේන්තු ආවේ 122 […]
යාපනය දිස්ත්‍රීක්කයට ගජ සුලි කුනාටුවේ බලපෑම හේතුවෙන් ඩෙල්ෆ් දූපතේ මුහුදු වෙරලේ ජල මට්ටම අද උදෑසන අඩි පහකින් පමණ පහළ බැස ඇති බවටත් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවටත් යාපනයේ දූපත්වාසීන් කියා සිටියා.ඩෙල්ෆ් මුහුදු ජැටියේ ඊයේ සවස මගී නෞකා නවතා තිබූ ජැටියේ ජල මට්ටම අඩි 5 කින් පමණ අද උදෑසන පහල යාම හේතුවෙන් […]
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී “මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේවා පාඩම් බවට පත්කර ගන්න. ප්‍රජතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවෙන් එක්වන්නැයි ජනතාවට කියනවා” යැයි පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින නැවත වතාවක් පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරි වතාවරණය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ තම නිල ෆේස්බුක් පිටුව හරහායි. අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයයි. වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කරගනිමු යනුවෙනි. දේ ගැන මහින්දගෙන් විශේෂ […]
කථානායක කරු ජයසූරිය මහතා කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව පවසනවා. මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
“පාර්ලිමේන්තුවේ සිට මම ජනපතිතුමාට කථාකළා. ඔහුත් ඒක බලාගෙන ඉන්නවා කිව්වා.” යැයි රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් පැවැසීය. එසේම කටහඩින් ඡන්දය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. සිය පාර්ලිමේන්තු දිවියේ මෙවැනි හැසිරීමක් කිසිම අවස්ථාවක දැක නොතිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඔවුන්ට එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලබා තිබෙනවා. ඔවුන්ට පාර්ලිමේන්තුවේදී මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරිණා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. “නීත්‍යානුකූල නොවන ආණ්ඩුව අද නැත. පරාජය වූ ආණ්ඩුව තුළ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට කියන්නේ මැති ඇමතිබලතල අපේ. නීත්‍යානුකූල නොවන තීරණ ක්‍රියාත්මක කරන්න එපා”
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේය පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.