එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. තමන්ට ලබාදී ඇති චක්‍ර ලේඛණ අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස්පති තුමන් කියා සිටියේ තමන් පිළිගන්නේ ජනපතිගේ නියෝග පමණක් බවයි.
“ජනපතිතුමාගෙන් ආරාධනාවක් ලැබුණා. බලයට පත්වුණේ සම්මුතියක් තුළින්. යහපාලනය ක්‍රියාත්මක කරන්නේ. 365 දවසම මගේ අරමුණ වුණේ අගමැතිතුමත් ජනපතිතුමත් එකට එකතු කරගෙන ඉදිරියට යෑමයි. අර්බුදයක් ඇතිවුණාම මගේ අරමුණ වුණේ අරමුණ මුල්කරගෙන පුද්ගලික වාසි ලබාගන්න නෙමෙයි. ප්‍රතිපත්තිගරුක වීම ඉතාමත් වැදගත් වෙනවා. අපට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන. මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ […]
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ජනපතිගේ සමනල් කතාව කිසිදු ලිංගික ජනකොටසක් ඉලක්ක නොකර සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කර සිටියා.ඒ මාධ්‍යයවේදීන් නැගු ප්‍රශ්ණ කිහිපයකට උත්තර සපයමින්. මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කල අන්දමට ජනපතිතුමන් අදහස් කලේ හිටපු අගමැතිගේ තීරණ වෙනස් කිරීමට ඔහු වටේ සිටි පිරිසක් පිලිබදව පමනක් බවත් ඉන් […]
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු අද (07) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන් තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් හකීම් මහතා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් කියා […]
බිබිසි සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් රටේ වත්මන් දේශපාලනය පීබදව අදහස් පලකර සිටියා. එමෙන්ම උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ද ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් දේ ගැන අවධනය යොමු කර ඇති බවත්, ජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් වැනි කරුණු නොව තුන්වෙලා අහාර ලබාගෙන දරුවන්ට නිසිලෙස අධ්‍යාපනයක් ලබාදිය හැකි ආර්ථික වටපිටවක් බවද මුත්තයියා මෙහිදි […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද පෙරවරුවේ පැවැත්වා තිබුණා. ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත්, පවතින දේශපාලන තත්ත්වය තුළ තමාට සහය දෙන්නැයි ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් පවසා තිබුණා.ඊට පිළිතුරු ලෙස තමා […]
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංගට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරලා තියනවා. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ සිටීම, පාඨලී චම්පික රණවක මහතා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළුවීම, අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් […]
නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බවට වාර්තා වෙනවා. ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවු පසුව මන්ත්‍රිවරුන් 113කගේ සහය මෛත්‍රිපාල-මහින්ද නව රජයට ලැබී තිබුණහොත් යෝජනාවක් ගෙනවිත් කරු ජයසූරිය කථානායකධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායක ධුරය […]
එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමින් සිටිනවා. එලෙසට අරලිය ගහ මැදුරේ රැය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බවයි අපිට ආරංචි උනේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පාක්ෂිකයන් සමග එලෙස ගීත ගයමින් විනෝද […]
එංගලනත් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය සැලසුම් කළ ආකාරයටම පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට පසුගිය කාලයේ බොහෝදෙනා චෝදනා කලා. කොහොම උනත් ක්‍රීඩා අමාත්‍ය […]
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා. මෙම පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.