News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

මිලියන 24 ක හෙරොයින් සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් සමග ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 02 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24 කට අධිකයි.


Oct
15

දෙහිඅත්තකණ්ඩිය රිය අනතුරින් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට

Generic placeholder image

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් පිරිමි දරුවා ද මියගොස් තිබෙනව. පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළ ඔහුගේ මව ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි. දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර ප‍්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදීයි. අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ප‍්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් යතුරුපැදියේ ගමන් […]


Oct
15

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

Generic placeholder image

හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට ඉහළ ප‍්‍රදේශය මේ වනවිට අඩි 10 ක් පමණ ගිලා බැසීමට ලක්ව තිබෙනවා. නායයෑම හේතුවෙන් ඒ අවට නිවාස 05 ක් ද කාසල්රි ජලාශයට කඩා වැටීමේ අවදානමක් ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සදහන් කළේ. මේ වනවිට හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනානමනය නෝර්වුඞ් ප‍්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම නතර කිරිමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. […]


Oct
15

බුකියේ ක්‍රිකට් විචාරකයන්ට රසල් ආනෝල්ඩ් ගෙන් ටොක්කක්.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් වල මොනවා වුනත් මුලින්ම කලබල වෙන්නේ බුකිය. Facebook එකේ ඉන්න අයට නම් ඒ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ඊළඟ තරඟයට දාන්න ඕන Team එක වගේම පිටියට ගිහින් ගහන්න ඕන විදිය කියන්නත් බුකී ක්‍රිකට් විචාරකයින් ඉන්නවා. ක්‍රිකට් ගැන යතාර්ථය නොදැන කරන මේ ප්‍රකාශ නිසා ගොඩක් වෙලාවට ඔවුන් හාස්‍යට ලක්වෙනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් […]


Oct
15

වාහන වලට හරි පාර කියන GPS කෙල්ල

Generic placeholder image

වාහනයට නැගී , යන්න ඕනි ගමන ඉක්මනට වගේම හරියටම යන්න උපදෙස් දෙන GPS එක හරහා කතා කරන කටහඬ ගැන ඔයා එකපාරක් හරි හිතුවද? ඒ සුන්දර සන්සුන් කරහඬේ අයිතිකාරිය හඳුනගන්න ඕනිම කෙනෙක්. මෙයාගෙ නම Karen Jacobsen. Karen ගෙ උපත ඕස්ට්‍රේලියාවෙ. පුංචි කාලෙ ඉඳලම Karen දක්ෂ දියණියක් කියලා තමයි Karen ගෙ දෙමව්පියො Karen ගැන කිව්වෙ. වයස අවුරුදු […]


Oct
15

සීගිරි සිතුවම් 3D වෙයි.

Generic placeholder image

පහුගිය කාලයේ සීගිරිය ගැන නිතර කතා බහට ලක්වුනා. ඒ පිදුරංගල නිසා. ලෝක උරුමයක් වුන සීගිරිය වැඩියෙන්ම ජනපිය එහි තියෙන තාක්ෂණය සහ චිත්‍ර නිසා. සීගිරි චිත්‍ර සහ කුරුටු ගී ආරක්ෂා කරන්න අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ ලේසර් තාක්ෂණය ඔස්සේ ඒවා ත්‍රිමාණ පිටපත් කරන්න. ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය , මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කැලණිය […]


Oct
14

“මට තවම එහෙම අත්දැකීමක් නෑ. එයාව මුණගැහුණේ පළවෙනි නිර්මාණයේදී.” – බුකියම වශීකර ගත්ත සඳනි දැන් කියන කතාව.

Generic placeholder image

සඳනි ප්‍රන්නඩු කියන්නේ ලංකාවේ තරුණියන් වශීකර ගත්ත තරුණියක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල සඳනිට තියෙන්නේ විශාල ජනප්‍රියත්වයක්. මේ නිසාම ගොඩක් අය සඳනිගේ තොරතුරු දැන ගන්න කැමතියි. මේ තියෙන්නේ සඳනි සතිඅන්ත පුවත්පතක් සමඟ කරපු සංවාදයක්. වෙළෙද දැන්වීම් කිහිපයක් හින්දා සඳනි ගැන මිනිස්සු කතාබහවෙනවා නේද? මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් රැසකට දායකවෙලා තියෙනවා. මම මුලින්ම 2016 අවුරුද්දේ තමයි වෙළෙඳ […]


Oct
14

ට්‍රම්ප් සවුදි අරාබියට අනතරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල ලෝක දේශපාලනයේ අලුත්ම මාතෘකාව තමයි අතුරුදහන් වුන සෞදි මාධ්‍යවේදියා. මේ ප්‍රශ්නය මේ වෙද්දී රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා වැඩි වෙලා. අතුරුදහන් වුන සවුදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් කගෝෂි අමෙරිකාවේ වොෂින්ටන් පොස්ට් පුවත් පතේ තීරු ලිපි රචකයෙක් වශයෙන් කටයුතු කරා. මේ නිසා ඔහුගේ අතුරුදහන් වීම ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් කියනවා. ” […]


Oct
14

සාධාරණය වෙනුවෙන් ලොක්කන් එක්ක හැප්පුන තෙබුවන සාජන් මහත්තයාගේ සංවේදී ජීවිත කතාව.

Generic placeholder image

ඔහු නමින් සනත් ගුණවර්ධන. සතියේ කතාබහ බරසාර කළ තෙබුුවන පොලිසියේ පොලිස් නිලධාරියාය. ඉන් මත්තට සනත් තිදරු පියෙකි. යුතුකම් දන්නා ස්වාමිපුරුෂයෙකි. සමාජයට සැබෑ සහෝදරයෙකි. නඩු නිමිත්ත උසාවියේ එළිපත්ත පැන ඇති නිසා එය තහනම් වචනය බවට පත්කරගෙන අප සනත්ට සවන් දෙමු. ඔහුගේ දිගු ඉතිහාසය තුළ තමන්ට සාපේක්ෂව නිවැරැදි යැයි උපකල්පනය කර වැගිරූ ශ්‍රමය දෙස සම සිතින් බලා […]


Oct
14

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී?

Generic placeholder image

ශිෂ්‍යයෙක් ගේ ජීවිතයේ වැදගත්ම කඩයිම් දෙකක් තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග. මේ දක්වාම සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ. උසස් පෙළ විභාගය පැවැත් වෙන්නේ අගෝස්තු මාසයේ. හැබැයි අනාගතයේදී මේ විභාග දෙකම දෙසැම්බර් මාසයේදී පවත්වනවා කියලා අධ්‍යාපන ඇමතිවරයා කියනවා. මහනුවර හේවාහැට ප‍්‍රදේශයේදී තමයි මාධ්‍යට අදහස් දක්වමින් අකිල විරාජ අමත්‍යවරයා මේ බව සඳහන් කරේ. […]


Oct
14

“මම කලින් හිටිය මාලිංග නෙවෙයි. මම තනියම පුහුණුවීම කරේ”- දෙවෙනි එක්දින තරඟයෙන් පසු මාලිංග කියපු කතාව.

Generic placeholder image

ඊයේ පැවැත්වුන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟයත් වැස්සට අහුවුණා. ඒ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්තයට ලකුණු 30 ක් ජයක් හිමිවුනා. කොහොම වුනත් එංගලන්ත පිළට හොඳ තරඟයක් දෙන්න ශ්‍රී ලංකාව සමත් වුණා. විශේෂයෙන්ම ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීම කැපී පෙනුනා. මාලිංග ඊයේ තරඟයේ කඩුලු 5 ක් දවා ගත්තා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර […]


Oct
13

අතුරුදහන් වුන ආරාබි මාධ්‍යවේදියාගේ රහස හෙළිවෙයි

Generic placeholder image

දවස් 12 ක් අතුරුදහන් වෙලා හිටපු සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කාගෝෂ්ව ඝාතනය කරලා කියලා බුද්ධි අංශයට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ සවුදි අරාබියානු තානාපති කාර්යාලයේදි ප්‍රශ්න කිරීම් සහ වදහිංසා වලට ලක් කරලා. ජමාල් තමන්ගෙ පළමු බිරිඳගෙන් දික්කසාද වෙන්න අවශ්‍යය ලිපි කිහිපයක් ගන්න තුර්කියේ සවුදි තානාපති කාර්යාලයට ගිය පසු අතුරුදහන් වෙලා කියලා ඔහුගෙ පෙම්වතිය බලධාරීන්ට පැමිණිලි කරලා. […]


News Articles
Latest Videos
Most Popular Post