මෝදර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රංජිත් කුමාර් නොහොත් කලූ මල්ලි නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මාදම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. කොළඹ අවට සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 20 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු පිළිබදව කරුණු අනාවරනය වූ බවයි […]
මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ කල්පිටිය කදිරමලේ මුහුදු ප‍්‍රදේශයේදීයි. ඔවුන් සමග බහුදින ධීවර යාත‍්‍රාවක් සහ දැල් ආම්පන්න ද භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අවුරුදු 18 ත් 55 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඉන්දියාවේ තමිල්නාඩු […]
Traffic එකේ ගමනක් හොඳම වාහනය තමයි ත්‍රීවීල් එක. හැබැයි ඉතිං වාහන රියදුරන්ට නම් ත්‍රිරෝද පේන්න බෑ. විශේෂයෙන්ම මේ වෙද්දී සාමාන්‍ය පෙළ අවසන් වුන ගමන් ත්‍රිරෝද රථ පදවන්න තරුණයන් පුරුදුවෙලා තියෙනවා. මේ නිසා ත්‍රිරෝද රථ පදවන්න පුළුවන් වයස් සීමාව අවුරුදු 35 කරන්න කියලා ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. හැබැයි ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් ඇමතිවරු රැසක් මේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් වසන්තය ගෙන එන SLC T20 ලීග් ඊයේ ආරම්භ වුණා. පලවෙනි තරඟය පැවැත්වුනේ කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර. පලවෙනි තරඟයෙන් සුපිරි ආරම්භයක් ලබා දෙන්න උපුල් තරංග සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට දුන්නා. පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 197 ක් ඔවුන් රැස් කර ගත්තා. […]
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම පන්දුවට දෙන්න, පන්දු යවන්න විතරක් ඉගෙන ගෙන මදී. හොඳින් පන්දු රකින්නත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පුළුවන් වෙන්න ඕන. කඩුලු රකින්නාට පස්සේ පන්දු රකින්න අමාරුම ස්ථානයක් තමයි “ස්ලිප්” කලාපය. හැබැයි 2015 වසරේ සිට ක්‍රිකට් පිටියේ ලෝකයේ සාර්ථකම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුල් ඉහළටම ලංකාවේ ක්‍රීඩකයින් දෙන්නෙක් සමත් වෙලා තියෙනවා. ඒ කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා. […]
අද 2018 මස අගෝස්තු 22 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 12.13 සිට 1.46 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.13 සිට 1.41 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබට අද අවස සාර්ථකයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් […]
මොනවා නැති වුනත් ලංකාවට උද්ඝෝෂණ වලින් නම් අඩුවක් නෑ. අද විශ්ව විද්‍යාල සිසුන් කොළඹට ආවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට විරෝධය දක්වන්න. ලිප්ටන් වටරවුම අසලට රැස් වුන විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවයක නිරත වුණා. මේ නිසා කොළඹ නගර සභාව අවට දැඩි රථවාහන තදබදයක් දකින්නට ලැබුණා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුල්වෙන්න හදපු විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය කඳුළු ගෑස් සහ […]
SLC T20 ලීග් තරඟාවලිය අද ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය පැවැත්වෙන්නේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර. කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. තරඟය සජීවීව පහළින් බලන්න. https://youtu.be/G2CdILcPtFo
කාලයක් ලංකාවේ තරඟ දිනවන්නා වුන මාලිංග අවුරුද්දෙම ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ක්‍රිකට් බලධාරීන්ගේ කැපිලි කෙටිලි නිසා. හැබැයි ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ඉල්ලීම නිසා ලසිත් මාලිංගට SLC T20 තරඟාවලියේ අවස්ථාවක් ලැබුණා. අද ආරම්භ වෙන තරඟාවලියේ මාලිංග නියෝජනය කරන්නේ නුවර කණ්ඩායම. SLC T20 තරඟාවලිය සඳහා පහුගිය දවස්වල තිබ්බ පුහුණුවීම් වලට මාලිංග සහභාගී වුණා. පහුගිය දා තිබ්බ […]
2020 ජනාධිපතිවරණයට තවත් ලොකු කාලයක් තියෙනවා. හැබැයි දැන්ම 2020 ජනාධිපතිවරණය ගැන දේශපාලන වේදිකාවේ කතා කරන්න පටන් අරන්. 2020 ජනපති අපේක්ෂකයන් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. 2020 අපේක්ෂකත්වය තමන්ට ලබා දුන්නොත් අභියෝගය ගන්නවා කියලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නවා කියලයි එතුමා කියන්නේ. තිස් […]