පාපන්දු ලෝක කුසලානයේ ප‍්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනවා. ඒ සමග මේ වනවිට සත්කාරක රුසියාව සැනකෙලි ස්වරූපයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. හෙට පැවැත්වෙන තරගයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නේ ප‍්‍රංශය ද බෙල්ජියම ද යන්න නිගමනය කිරීම සදහා බොහෝ විනෝද කී‍්‍රඩා එරට වීදිවල සංවිධානය කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන අවසන් පූර්ව […]
තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා හා පුහුණුකරු අතුරින් ළමුන් සිව්දෙනෙකු මුදා ගැනීමට මෙහෙයුම්වල නිරත පිරිස් සමත් වී තිබෙනවා. මෙරට වේලාවෙන් ඊයේ රාත‍්‍රී 7.30 පමන වන විට තායිලන්ත රජය දැනුම් දුන්නේ බේරාගත් ළමුන් සිව්දෙනා රෝහල්ගත කිරිමට පියවර ගත් බවයි. මුදා ගැනීමේදී එක් දරුවෙකුට පලපුරුදු කිමිදුම් කරුවන් දෙදෙනෙකු බැගින් ලබාදී ඇති අතර එහිදී […]
කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාතී‍්‍ර 8.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. තුවාල ලැබූ අනෙක් […]
ලබන අගෝස්‌තු මාසයේ තමයි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්‌සයි විස්‌ස තරඟාවලිය පැවැත්වීමට නියමි තිබුනේ. එත් මේ වෙද්දී මේ තරඟාවලිය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතවෙලා තියෙනවා කියල සියත 24 අපට ආරංචි වුණා. මේකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වීම. එල්.පී.එල්. තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණත්, වත්මන් තත්ත්වය අනුව […]
ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා. ඒ පානදුර අරුක්ගොඩ පිහිටි ඇගේ නිවස තුළදීයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. සැකකරු සොයාගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. ඇය ගායනා කළ ගීත කිහිපයක් පහතින්… https://youtu.be/ePCM3HqA8qw https://youtu.be/xLSYpOuf4DE
හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා එම ජාවාරම සදහා මෙහෙයවා ඇත්තේ මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැදවියෙකු විසින් බව අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අදාළ බන්ධනාගාර රැුදවියා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමග කලක පටන්ම දුරකථනයෙන් කතාබහ කරමින් සිට ඇති බවයි. ලද තොරතුරකට අනුව […]
අනුරාධපුර වන්නියකුලම් ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඒ සදහා පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා තිබෙනවා. අනුරාධපුර විජයපුර මාවතේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් වුණේ පසුගිය 05 වනදායි. දෙපාර්ශවය […]
පළාත් සභා ඡන්දය පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස දක්වා කල් යා හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ වසර අගදී විභාග පැවැත්වීම සහ ඡන්දය පැවැත්වෙන ක‍්‍රමය සම්බන්ධයෙන් තවමත් එකගතාවයක් නොමැති වීම ඊට හේතු විය හැකි බවයි. පළාත් සභා ඡන්දය මේ වසරේ අගදී පැවැත්වෙනු ඇති බව රජයේ අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් මීට පෙර ප‍්‍රකාශ කළා. […]
බන්ධනාගාර ගතකර සිටින පර්පචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයාගත් දුරකතනවලින් ලබාගෙන ඇති ඇමතුම් පිළිබඳ දත්ත විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සමාගම්වලින් ඊට අදාළ තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි. සැකකරුවන්ට එරෙහි […]
අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය බව කීවොත් එය අතිශයෝක්තියක් නෙවෙයි. කොහොම වුනත්, ‘ස’ ප්‍රසංග මාලාවේ ජනප්‍රියත්වය බිඳකින් හෝ අඩු නොවී තියෙන වෙලාවක එය නවත්වා දැමීමට මීට වසර කිහිපයකට පෙර වික්ටර් රත්නායකයන් තීරණය කළා. එත් වික්ටර් රත්නායකයක සති අන්ත පුවත්පතකට හෙළිකරන […]
මම පවුලේ බාලයා. ගමේ විදිහට කිව්වොත් බඩපිස්සි. අක්කලා පහයි, අයියලා දෙන්නයි. ලොකු පවුලක්. මහනුවරදී මම උපන්නෙ. තාත්තා කළේ ව්‍යාපාර. තාත්තාගෙ අයියා ඒ කාලෙ බණ්ඩාරනායක මහත්තයගෙ ආණ්ඩුවේ තැපැල් හා විදුලි සංදේශ ඇමතිව හිටියා. එයාට කිව්වෙ සිංහල මරික්කාර් කියලයි. එතකොට අපේ අම්මා ගැන කිව්වොත්, අම්මගෙ පවුලත් ව්‍යාපාරික පවුලක්. එම්.කේ.එම්. මුතාලිෆ් ව්‍යාපාරය නමින් රෙදිපිළි වෙළෙඳාම කළේ. අදත් මහනුවර […]