ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා සිය සහයයෝගය මෙවර ජනපතිවරණයේදී ලබා දෙන බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ රණවිරුවන් වශයෙන් එතුමාගේ ජයග්‍රහණය සදහා කැපවන බවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල සහ හම්බන්තොට දක්වා කොටසෙහි කිලෝමිටර් 40ක පමණ දිගුවක් සහ කඩවත සිට කෙරවලපිටිය දක්වා පිටත වටරවුම් පිවිසුම් මාර්ගය ද මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ටෙලෝ පක්ෂයේ හිමිවන බව එම නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසඳුමක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තිබෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පැවතිනු වැසි තත්වය ක්‍රමයෙන් පහව යන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
අයි.එස්. සටන්කාමීන් විසින් ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. දේශ සීමාවේ පිහිටි ආරක්ෂක මුරපොලේ නිලධාරින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව සටන්කාමීන් 20 දෙනෙකු පමණ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන් අනතුරුව සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් […]
මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම තම ධූර කාලය තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පවසනවා. අද (06) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම […]
සමස්ත ලෝකය දේශගුණික හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවට නිගමනය කළ පර්යේෂණයක් විද්‍යාඥයින් 11000කින් පමණ සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කර තිබෙනවා. වසර 40ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ, මෙම අර්බුදයට පිළියම් සෙවීමට රට රටවල රජයයන් අසමත් වී ඇති බවයි. ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක් නොකිරීම හේතුවෙන් ලෝකය “අසීමාන්තික මානුෂීය […]
ගුරු මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය ගැන දැනගන්න ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ සමග එකතුවෙන්න පහත වීඩියෝව නරඹන්න.
මේ දින වල ජනපි‍්‍රය තරුවක් වන සුපිරි බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් නර්තනයට කොතරම් ආදරය කරනවාද යන්න සැවොම දන්න කරුණක්. ඔහු ඔහුගේ නර්තන වීඩියෝ එකතුවට අලුතින් වීඩියෝවක් එකතු කර තිබෙනවා. මෙම වීඩියෝව ටයිගර් රංගනයෙන් දායක වන මෑතකදකී එළිදැක්වූ WAR චිත‍්‍රපටයෙහි ගීතයකට නර්තනයේ යෙදෙන වීඩියෝවක්. WAR චිත‍්‍රපටයෙහි මෙම ගීතය සදහා ඔහු සමග රංගනයෙන් දායක වන්නේ රිතික් රෝෂන් […]
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එය මේ වන විට උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 89.3 ආසන්නයේ පිහිටා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් […]
වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉකුත් වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 දෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ඊයේ දින වන විට රෝගීන් 64,299 ක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර සහ මධ්‍යම පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර දිවයින පුරා […]
‘ඩූම්’චිත්‍රපට මාලාවට, යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්‍රපට අතරින් විශේෂ තැනක් හිමිවනවා. එම චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්‍රපට පෙළ වීම ඊට හේතු වනවා. ‘ඩුම්’ සිවුවැනි නිර්මාණය සඳහා අක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බව පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්‍රපට සමාගම පවසා තිබෙනවා. […]