News Line| Off Air
Generic placeholder image

Sep
4

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට ජනපතිගේ සුභාශිංසන

Generic placeholder image

දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ සදහා ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බවද ජනාධිපතිතුමා සදහන් කළා. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමින් උතුම් මහමත්තුමාගේ ඉගැන්වීමද එය බව ජනාධිපතිතුමා සිහිපත් කළා. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, […]


Sep
4

අගමැති සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්

Generic placeholder image

හෙට දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව පෙරමුණ පිළිබද ගැටළු නිරාකරණය කරගැනිමට නියමිත බව පැවසෙනවා. එමෙන්ම මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පිරිස විසින් සංවිධාන කරනු ලබන තුන්වන ජන රැලිය හෙට දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතව තිබෙනවා. […]


Sep
4

ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පතක් නෑ

Generic placeholder image

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ (3) කොළඹ පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවකදී මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මෙය හෙළි වී ඇති අතර මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් […]


Sep
4

බහමාස් කළඹා ” ඩෝරියන් ” ෆ්ලොරිඩාවට ඇතුළු වෙයි

Generic placeholder image

” ඩෝරියන් ” සුළු කුණාටුව බහමාස් දුපත් වලට දැඩි බලපෑම් එල්ල කල අතර එමගින් පුද්ගලයින් 07 දෙනකු මියගොස් 10,000 කට වැඩි නිවාස සම්පුර්ණයෙන් විනාශ වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. මෙම සුළු කුණාටුව පැයට කිලෝමීටර් 177 වේගයෙන් ගමන් කරන අතර මේ වන විට මෙම කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගමන් කරමින් පවතින බව වාර්තා වෙනවා.


Sep
4

බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ කිරුලපන දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. මෙම විරෝධතාව හේතුවෙන් බොරැල්ල සිට නාරාහේන්පිට දක්වා බේස්ලයින් පාර ඔස්සේ දැඩි රථවාහන තදබදයක් ඇති බව වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිරිපිට සංවර්ධන නිලධාරීන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සදහන්.


Sep
4

කුසලාණෙනි කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Sep
4

ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කෝලි පහලට ඇද දමමින් ස්මිත් පෙරමුණට

Generic placeholder image

ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඕස්ට්‍රලියානු හිටපු නායක ස්ටීව් ස්මිත් සමත් වී තිබෙනවා. ඒ ඊට පෙර පළමු තැන සිටි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දෙවන තැනට පත් කරමින්ය. විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පිතිකරණය අතින් සුපුරුදු දක්ෂතා අතරට ඒමට වීරත් කෝලි අසමත් වීමද මෙයට හේතු වී තිබෙනවා.


Sep
4

අජානීය ස්කූටරේ නෝනා

Generic placeholder image

සතියේ දිනවල සවස 5 ඉදන් වෙනුර එක්ක නිකමට වගේ අහන්න 98.2 න් හෝ 98.4න් සියත අපි සමග එකතුවෙන්න. ඒ වගේම මඟ හැරුණු සියලුම කොටස් මේ ලින්ක් එක හරහා ඔබට සවන්දෙන්න පුළුවන්. –  Click


Sep
4

ව්‍යාජ පුවතක් ගැන සංගක්කාරගෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කළා. ඒ අනුව දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර් සංගක්කාර පවසනවා. අදාළ පුවත ව්‍යාජ එකක් බවද සංගක්කාර අවධාරණය කර තිබෙනවා. අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවයි. […]


Sep
4

ශ්‍රීලනිපයේ විනය පරීක්ෂණ තියන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා ගත් මන්ත්‍රීවරු පස් දෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවකට එක් වෙමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අනුව විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිත මන්ත්‍රීවරු වන්නේ ලක්ෂමන් යාපා, එස්.බී.දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා සහ ඒ. එච්.එම් ෆව්සි යන මන්ත්‍රීවරුන්ට එරෙහිවයි. […]


Sep
4

අර්ජුන් මහේන්ද්‍රන් එරටින් පිටුවහල් කරගැනීමට අවශ්‍ය නීති මෙරටින් කඩිනමින්

Generic placeholder image

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනට ඉන්නා සිංගප්පුරුවෙන් මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය සියලු නීතිමය ලේඛන නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ බාර දී තිබෙනවා. ඒ අනුව ඉතා කඩිනමින් එම කටයුතු සම්පාදනය කර උදර්පණ නිතිය යටතේ සිංගප්පුරු ඉල්ලීමක් කරන බවද එමෙන්ම ඉදිරි ජනපතිවරණයට පෙර චෝදනා […]


Sep
4

ඊයේ එකිනෙක ගැටුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අලුත්ම තත්වය මෙන්න

Generic placeholder image

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 7 ක් ඉතිරිව තිබියදී පළමු පන්දු දෙකේදී නවසීලන්ත කඩුළු 2 ක් දැවී ගියා. 3 වන පන්දුවේදීද ලබාදුන් උඩ පන්දුවක් ෂෙහාන් ජයසූරිය රැකගත් නමුත් එම උඩ පන්දුව රැක ගැනීමට පැමිණි කුසල් මෙන්ඩිස්ද ඔහුගේ ඇඟේ ගැටීම […]


News Articles
Latest Videos
Most Popular Post