News Line| Off Air
Generic placeholder image

Aug
17

වව්නියාවේ නියගය අවසන්

Generic placeholder image

මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් වව්නියාව දිස්ත්‍රික්කයට ඊයේ (16) සවස හා අද (17) වර්ෂාව පතිත වී තිබෙනවා. එම ප්‍රදේශයට මාස ගණනාවක් පැවති නියඟය හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් රැසක් හානියට පත්ව ඇති අතර, ප්‍රදේශවාසීන්ට බීමට පවා ජලය සොයා ගැනීමට අපහසු තත්ත්වයක් පැවතුණා. නියඟය හමාර කරමින් හටගත් වර්ෂාව තමන්ට මහත් අස්වැසිල්ලක් වන බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළා.


Aug
17

ශ්‍රී ලංකා විද්‍යාඥයන් පිරිසකගෙන් නව පෙරළියක්

Generic placeholder image

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරනවා. එම ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලක් ලෙස අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු එළැඹෙන 20 දා දැනුම් දීමට නියමිත බව සදහන්.


Aug
17

නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිවුවන දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවන දිනය අදයි. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 195ක් රැස්කර කළා. පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 249 ක් පමණයි. ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 267 ක් රැස් […]


Aug
16

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ නම නිවේදනය කරයි

Generic placeholder image

2021 වසර දක්වා ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය සදහා හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රීව නම් කර තිබෙනවා. කපිල් දේව් , අන්ෂුමාන් ගයික්වාඩ් සහ ශාන්ත රංගස්වාමි යන නිළදාරීන්ගෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එලඹ තිබෙනවා. ඒ අනුව පෙර පුහුණුකාරීත්ව යටතේම ඉන්දීය කණ්ඩායම ඉදිරි තරග සංචාර සදහා එකතුවෙනු ඇත.


Aug
16

ශී‍්‍ර ලංකාවට වැඩි වාසි සහිතව තුන්වන දිනය නිමාවට පත්වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 07 ක් දැවී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 195 ක්. ඒ අනුව නවසීලන්තය ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් පසුවනවා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය රැස් කල ලකුනු 249 ට පිළිතුරු ලෙස ශ‍්‍රි ලංකාව […]


Aug
16

ජනපති සටනට මෛත්‍රී සූදානම් වුවහොත් දයාසිරි එයට ශක්තිය දෙන්න සූදානම්

Generic placeholder image

ජනාධිපතිවරණයට යළි තරග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමතිවන්නේ නම් ඊට ශක්තිය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. සැප්තැම්බර් 03 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනයට විපක්ෂ නායක මහින්ද […]


Aug
16

යුද හමුදා කර්නල්වරුන් 31 දෙනෙකුට උසස්වීම්

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබෙනවා. යුද හමුදාපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා. ඉන්දීය යුද හමුදා ඇකඩමියේ පාඨමාලා අංක 31 යටතේ පුහුණුව ලැබූ කර්නල්වරුන් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 06 වන කාණ්ඩයට අයත් කර්නල්වරුන් පිරිසකට එලෙස උසස්වීම් ලබාදී ඇති […]


Aug
16

ටිකිරි ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි වනජිවි ඇමතිගෙන් නියෝගයක්

Generic placeholder image

මතභේදයට තුඩු දී ඇති අවුරුදු 70 ක් වයසැති ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ අංශ වෙත නියෝග කළා. එම ඇතින්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ ඡායාරූපවලට අනුව, ඇගේ සිරුරේ තත්ත්වය ඉතා අයහපත් බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. එසේම, මෙම […]


Aug
16

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයාණන් අප අතරින් වෙන් වූයේ අද වැනි දිනකයි

Generic placeholder image

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා අප අතරින් වෙන්වී අදට වසර 23 ක් වනවා. ඔහු ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යා‍ලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවර‍යා ලෙස ද (1974 – 1977) සේවය කර […]


Aug
16

පහේ හපනුන්ගේ ශිෂ්‍යාධාරත් දැන් Online ක්‍රමයෙන්

Generic placeholder image

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා සෑම වසරකදී ම සිසුන් තුන්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් එක්ලක්ෂ පනස්දහසකට පමණ ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබනවා. ඒ අනුව ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන අතර සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් […]


Aug
16

ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශ කරන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශවලින් වළකින ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය […]


Aug
16

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අවුරුදු 16 ක අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයකු වන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුත‍්‍රයා අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි. මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමති සැකකරු 16 හැවිරිදි අයෙක්. ඔහු සහරාන් හෂීම් සමග නුවරඑළිය ප‍්‍රදේශයේදී පුහුණව ලබා තිබෙනවා. මීට පෙර අත්අඩංගුවට ගත් […]


News Articles
Latest Videos
Most Popular Post