ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පමණ පසුව වීම විශේෂත්වයක්. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 […]
දිවයින පුරා අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුරු, උතුරු-මැද,වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතවගෙන් […]
ජල ගාස්තු කිසිදු ආකාරයකින් වැඩි නොකරන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළා. ඉතිහාසය තුල කිසිඳු රජයක් අයෝජනය නොකල මුදල් ප්‍රමාණයක් ගෙවුණු වසර 5 තුල වත්මන් රජය ජල සම්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් ආයෝජනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මහනුවර ප්‍රදේශයේදී අද මාධ්‍යය වෙත අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මේ බව කියා සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) උදෑසන මැදමුලන තම උපන් ගමේ විහාරස්ථානය වන මැදමුලන පල්ලෙමුලන ශ‍්‍රී ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයට පැමිණියා. එහිදී පල්ලෙමුලන ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයේ විහාරාධිපති තංගල්ල ධම්මතිලක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති සපුගස්යායේ ධම්මානන්ද නාහිමි බැහැදැක සුවදුක් විමසූ අතර සෙත් පිරිත් සජ්ජායනය සහ අනිකුත් ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තම උපන් නිවස වන […]
මෙවර ජනාධිපතිවරණයට තමන් නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරුණු තවත් වැඩසටහනකට ඊයේ එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ව්‍යාපෘතිය යටතේ දියත් වන ජංගම සේවය හරහා හම්බන්තොට, අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 2130 ක ප්‍රතිලාභ ප්‍රදානය කිරීම නිවාස ඉදිකිරීම් […]
ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය කෙරෙන නව සන්ධානය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා ආරම්භ වූ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උප නායක අමාත්‍ය රවී කරුණානායක එක්වූ බව සඳහන්. එමෙන්ම ජාතික […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය අදයි. මීට මොහොතකට පෙර සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් ලබාගත්තා. බී ජේ වොට්ලින් ලකුණු 77 ක් රැස් කළා. ටොම් ලැතම් ලකුණු 45 යි. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 249 […]
ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 8 ක්, සිම් කාඩ්පත් 8 ක් සහ ගංජා ග‍්‍රෑම් 250 ක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන් ඊයේ රාතී‍්‍ර සිදුකල සෝදිසියකදී මෙම සොයාගැනුම් කළ අතර ගාල්ල බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටිනා වාට්ටුවේ මෙම සෝදිසිය සිදුකර තිබෙනවා. එහි රදවා සිටි රැදවියන් ගණන 10 ක්. එම බන්ධනාගාරයේ ඇතැම් […]
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් මේ වන විට පැවැත්වෙනවා. සාකච්ඡාව පැවැත්වෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිළ නිවසේ දීයි. මෙහිදී නව සංධානය පිළිබදව අවසන් තිීන්දුවකට එළඹීමට නියමිතයි. සාකච්ඡාව සදහා අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් ඇතුලූ පිරිසක් එක්ව සිටිනවා. මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් […]
වැලිකඩ ගෝතමී ප‍්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය විහාරස්ථානයකට සැකකටයුතු පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ පලා යාම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විසින් අතුරිගිරිය පොලිසියට කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි. මේ අතර මහනුවර කොට්ඨාසයේ පොලිස් අධිකාරි […]
නවගමුව ශ‍්‍රී පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට ක‍්‍රියාත්මක කර තිබෙනවා. පෙරහර අද රාත‍්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතයි. අද රාත‍්‍රී 10 සිට හෙට අලුයම 1 දක්වා පෙරහර වීදී සංචාරය කරන බවයි නවගමුව පත්තිනි දේවාලය සඳහන් කළේ. දිය කැපීමේ පෙරහර හෙට උදෑසන වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර පැවැත්වෙන කාලසිමාවේදී කොළඹ හංවැල්ල […]
නිරිතදිග පාකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නායක හයිබාතුල්ලා අකුන්සාඩාගේ සහෝදරයා මියගොස් තිබෙනවා. කුව්ලැක් නගරයේ පිහිටා ඇති කයිර් උල් මදාරයිස් පල්ලියේ සිදු වූ එම පිපිරිමෙන් හෆීස් අහමදුල්ලා නමැති ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නායකයාගේ සහෝදරයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බෝම්බ පිපිරිමෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ පල්ලිය තලෙයිබාන් […]