ජවිපෙ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන මහා ජන රැලිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සංවිධාන 28 ක් මේ සදහා එක්ව ජාතික ජන බලවේගය යටතේ අද ජනපති අපේක්ෂකයා නම් කිරීමට සුදානමින් සිටිනවා.
බංග්ලාදේශයේ පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක දැවැන්ත ගින්නක් ඇති වී තිබෙන අතර පැල්පත් නිවාස ආශ්‍රිතව හටගත් ගින්නෙන් නිවාස 15 000ක් පමණ විනාශ වී ඇති බව දැනට වාර්තා වෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි. එහි නිවාස බහුතරයක වහල සඳහා ප්ලාස්ටික් භාවිත කර තිබීම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව පැවසෙනවා. […]
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශ කිරීමේ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ කොළඹ ගාලු මුවදොර පිටියේදීයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙම රැලියේදී නම් කිරීමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වෙනවා.නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රධාන විමර්ශන 5ක උදෘත ඉල්ලා සිටි අතර එම විමර්ශනවලට අමතරව මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ පහරගෙන යෑම පිළිබඳව මෙසේ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ. […]
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ නිලධාරින් හා පාර්ශව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරන අතර මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප‍්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් වැඩි දුරටත් සදහන් […]
ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ඊට අදාළ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැලිඅංගේ මහතා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.
එංගලන්තයේදී නිමාවට පත්වූ ලෝක පොලිස් ක්‍රිකට් තරාගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී බටහිර ඔස්ට්‍රේලියා පොලිස් කණ්ඩායම පරාජය කරමින්ය. එමෙන්ම ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වෙනවා. මෙම ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවලිය සදහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් […]
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන 97 වන ජාතික මළල කී‍්‍රඩා ශුරතා තරගාවලියේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයේදී ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින් කාලයක් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාව සිටි ෂෙහාන් අඹේපිටිය, සිය මළල කී‍්‍රඩා දිවියට සමු දුන්නා. ඒ අනුව සිය කාලසීමාවේදී රටට ජයග්‍රහණ ගෙන දීමට හැකියාව ලැබීම ගැන සතුටක් දැනෙන බව ක්‍රීඩා දිවියට සමු දුන් […]
එක්සත් ජාතික පක්ෂයේ හෙටපැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමුවීමට එම පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කර ඒකමතික තීරණයකට එළඹෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතාගෙන් හෙට පැවැත්වෙන රැස්වීමේදී ඉල්ලීමක් ද කරන බවද වාර්තා වෙනවා.එහිදී පසුපෙළ මන්ත්‍රිවරුන් […]
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 63 දෙනෙක් මියගොස් තවත් 180 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයක් තුල වන අතර සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් මංගල උත්සවය පැවති ශාලව තුලදී […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 09 වන ශතකය වාර්තා කිරීමට අද සමත්වුණා.එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා පළමු ආසියාතික රට වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද […]
පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බව වාර්තා වෙනවා. පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැළකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා පසුගිය මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණු […]