News Line| Off Air
Generic placeholder image

Jul
23

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ ජල කප්පාදුවක්

Generic placeholder image

අඹතලේ ජල පවිත්‍රාගරයේ ප්‍රධාන පරීක්ෂණ නලයේ සිදු වු හදිසි බිද වැටීමක් හේතුවෙන් අද පස්වරු 06 සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් කොළඹ ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. එ අනුව කොළඹ 03,04,05,06 සහ හෝකන්දර යන ප්‍රදේශවලට එම කාලය තුලදි සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවනු […]


Jul
23

එළුවන් 53 කගේ ජීවිත බේරෙයි

Generic placeholder image

නිතීවිරෝධී ලෙස වෑන් රථයකින් එළුවන් පනස් තුන්දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදූව, කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී අදාළ සැකකරුවන් ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් කුරුණෑගල, නාරම්මල සිට කොළඹට එළුවන් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සමබන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශව ආරම්භ කර තිබෙනවා.


Jul
23

දුම්රිය බලඇණියට නව බලවේග කට්ටලයක් සහ නව එන්ජිමක්

Generic placeholder image

දුම්රිය දෙපාර්තමෙන්තුවේ දුම්රිය බල ඇණිය වර්ධනය කරමින් ඉන්දියාවෙන් ගෙන්වූ එස් 13 වර්ගයේ නව බලවේග කට්ටලයක් සහ එම් 11 වර්ගයේ නව එන්ජිමක් එක් කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඇනවුම් කර ඇති මුළු ද්විත්ව බලවේග කට්ටල සංඛ්‍යාව 6ක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම බලවේග කට්ටලය සමඟ බලවේග කට්ටල 4ක් දැනටමත් […]


Jul
23

ශේෂ්ඨාධිකරණයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක්

Generic placeholder image

වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිලිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශේෂ්ඨාධිකරණය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබෙනවා. නියෝගය ලබාදී ඇත්තේ ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්. පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය […]


Jul
23

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය සහ විපක්ෂනායක අතර සාකච්ඡාවක්

Generic placeholder image

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල […]


Jul
23

වසර කිහිපයකට පසු ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් ඇරයුම්

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලිමක් කර තිබෙන බව වාර්තා වෙනවා. 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ දී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු කිසිඳු ක්‍රිකට් කණ්ඩායමක් තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කළේ නැහැ.එවන් පසුබිමකදී ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී […]


Jul
23

චීනයෙන් මුහුණේ දුවිලි ගෑමක් ගැන වාර්තා වෙයි

Generic placeholder image

චීනයේ ” යී ” නම් සුළු ජාතිකයන්ගේ සාම්ප්‍රදායික වාලියන් සැණකෙළි සමය පසුගියදා ආරම්භ වුණු අතර ඒ අනුව ඔවුන් මුහුණුවල දූවිලි ආලේප කරගනිමින් මෙම උත්සවයක් සමරන බව වාර්තා වෙනවා.මෙම උත්සවය අවුරුදු දහසකට වඩා පැරණි එකක් බව එරට වාර්තා සඳහන් කළා. මෙහිදී යහපත ප්‍රාර්ථනා කර ගනිමින් එකිනෙකාගේ මුහුණුවල දූවිලි ආලේප කර ගැනීම මෙහිදී සිදුකෙරෙන ප්‍රධානතම මෙන්ම සුවිශේෂ […]


Jul
23

අනතුරට ලක් වූ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීම අවසන් අදියරේ

Generic placeholder image

මුහුදු රළට හසුවී පසුගියදා රූමස්සල කඳු පාමුළට පාවී ආ ග්ලෝරි ටු ගෝ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත අනුව නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැව් ඒජන්තවරයා දැනුවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩි දුරටත් සදහන් […]


Jul
23

ආණ්ඩුව වැල්ලේ මාළිගා තනමින් මුළු රටම අද වන විට රවටා ඇති බව ගීතා කියයි

Generic placeholder image

ඊයේ(22) බෙන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කලේ වත්මන් රජයට මිනිසුන්ගේ ආරක්ෂාව ගැන කිසිදු වගකීමක් නැති බවයි. අගමැතිවරයා හා ජනාධිපතිවරයා කිසිදු වගකීමක් නොමැතිව සිටින බවත්, ජනාධිපතිවරයාට කිසිදු අවස්ථාවක දී වගකීමෙන් ගැළවිය නොහැකි බවත් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටින බව ද ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවා. එමෙන්ම එක් වේලක් […]


Jul
23

හේමසිරි-පූජිත්ට ඇප දුන් නියෝගට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම කල් යයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා. පාස්කු […]


Jul
23

ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුවට

Generic placeholder image

ශ්‍රි ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමෙන්තුව රැස්වෙන අවස්ථාවේ ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙම සංශෝධිත නව ක්‍රිකට් යෝජනාවලිය සකස් කර ඇත්තේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර රෝෂාන් මහානාම, සිදත් වෙත්තමුණි අයගේ අදහස් අනුවයි. අදාල යෝජනාව සති දෙකකින් පමණ පසු පාර්ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනිමෙන් පසු අනුමැතිය […]


Jul
23

තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ තීරණයක

Generic placeholder image

සිම්බාබ්වේ තුන්ඉරියව් ක්‍රීඩක සොලමන් මිරේ ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කර ඇති බව වාර්තා වෙනවා. ඔහු තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.29 හැවිරිදි වියේ පසුවන සොලමන් මිරේ 2014 වසරේ ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අතර 2017 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත්තා. එමෙන්ම 2018 වසරේ දී විස්සයි විස්ස වරම් හිමි […]


News Articles
Latest Videos
Most Popular Post