News Line| Off Air
Generic placeholder image

Jul
23

පාලවිය සිට කල්පිටිය දක්වා ඇති සියලූ සුරා සැල් දින 5 ක් වැසේ

Generic placeholder image

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පාලවිය සිට කල්පිටිය දක්වා ඇති සියලූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන දින 5 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. හලාවත පදවිය භාර, නෙල්සන් සමන්ත ප්‍රනාන්දු පියතුමන් සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ […]


Jul
23

නීති විරෝධීව මසුන් මැරූ පුද්ගලයින් 22 ක් නාවික හමුදා භාරයට

Generic placeholder image

ත්‍රිකුණාමලය – කල්ලඩිචේනේ ප්‍රදේශයේදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් මරමින් සිටි පුද්ගලයින් 22 කු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයින් අවුරුදු විස්ස සහ 44 අතර වයස්වල පසුවන කින්නියා, ඊච්චලම්පත්තු සහ මුතූර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් සන්තකයේ තිබී තහනම් […]


Jul
23

සෝමාලියාවේ හෝටලක් ඉදිරිපිට පිපිරීමක් -17ක් මරුට

Generic placeholder image

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මොගඩිෂු අගනුවර පිහිටි හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයක සවිකරන ලද බෝම්බයක් පුපුරවාහැරීමෙන් ප්‍රහාරය සිදුකර ඇති අතර මොගඩිෂු ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ පිහිටා ඇති පළමු ආරක්ෂක මුරපලේදී එම පිපිරීම සිදුව ඇති බව සිදුවීම ඇසින් දුටුවෙකු මාධ්‍යයට ප්‍රකාශ […]


Jul
23

පාස්කු ප්‍රහාරකයින් ගැන තොරතුරු දුන් ලොරි රථ හිමිකරුට ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක්

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ, ලොරි රථයකින් මීගමුව – කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ලොරි රථයේ හිමිකරුට රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න තීරණය කර තිබෙනවා. තොරතුරු ලබාදීමෙන් පසු ඔහු ආර්ථික අපහසුතා වලට මුහුන දී ඇති අතර මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන […]


Jul
23

කුලසේකරගෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක්

Generic placeholder image

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ද තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී අද (22) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා. එම ඉල්ලීම පිළිබඳවද සාකච්ඡා කර තීරණයක් […]


Jul
23

ජාතික පාසල්වල වාරාන්තර නිවාඩු අනුමත කිරීම විදුහල්පතිවරුන්ට පැවරේ

Generic placeholder image

ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු කාලවලදී පාසල් රාජකාරීවලට බාධා නොවන පරිදි නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර පටිපාටියක් සකස් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීමට අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර ඇති අතර සේවා අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක ඔවුන් […]


Jul
23

පළමු වතාවට රුසියානු හමුදා ගුවන් යානයකට දකුණු කොරියාව වෙඩි තබයි

Generic placeholder image

දකුණු කොරියාව පළමු වතාවට රුසියාවට අයත් ඒ 50 නම් වූ හමුදා ගුවන් යානයකට දකුණු කොරියානු ආරක්‍ෂක අංශ අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, දකුණු කොරියානු ගුවන් සීමාවට අදාළ ගුවන් යානය පැමිණීමත් සමග බව වාර්තා වෙනවා. දකුණු කොරියාව පවසන්නේ රුසියානු ගුවන් යානය සිය ගුවන් සීමාව උල්ලංඝණය කළ බවයි. කෙසේවෙතත් රුසියාව අදාළ චෝදනා ප්‍රතික්‍ෂේප කර […]


Jul
23

සිඩ්නි නුවරින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවරදී මෙතෆෙටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක් රැගත් වෑන් රථයක් පොලිස් මෝටර් රථයක ගැටීම හේතුවෙන් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. සිඞ්නි නුවර ඊස්ට්වුඞ් නැමති තදාසන්න ප්‍රදේශයේදී මෙම 28 හැවිරිදි රියදුරු පොලිස් රියේ වෑන් රථය ගැටීමෙන් අනතුරුව පලාගොස් ඇති බව සඳහන් වන අතර ඉන් පැයකට පමණ පසු එය ලූහුබැඳ ගොස් වෑන් […]


Jul
23

වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ගැනේ

Generic placeholder image

වසර 50කට පෙර අතුරුදන්වූ සබ්මැරීනයක් ප්‍රංශ නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රංශයට අයත් මිනර්ව් සබ්මැරීනය එරට දකුණු මුහුදු තීරයේ යාත්‍රා කරමින් සිටින අතරතුර ටුලොන් වරාය ආසන්නයේදී අතුරුදන් වුයේ 1968 වර්ෂයේදීයි. සබ්මැරීනයේ සිටි නාවිකයන් පනස් දෙදෙනාද සමගින්ය. අතුරුදන් සබ්මැරීනය සහ පිරිස සොයා ප්‍රංශය දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුකළද ඒ සියල්ල අසාර්ථක වූ අතර […]


Jul
23

පගාව ගත් සැරයන්වරයෙකුට වසර 4ක සිරදඬුවමක්

Generic placeholder image

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් සැරයන් වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය යුතු බව නියම කළා. ඊට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන බවද තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සිය නියෝගයේ සඳහන් කර තිබෙනවා. නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වල නිරතව සිටි […]


Jul
23

සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනතක් ළගදීම

Generic placeholder image

සියලු පාසල් නියාමනය කළ හැකි නව අධ්‍යාපන පනත ළගදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එම පනත හරහා රජයේ සහ පෞද්ගලික මෙන්ම සෙසු සියලු පාසල්දඅධීක්‍ෂණය කළ හැකි බව මෙහිදී ඔහු කියාසිටියා. පාසල් දරුවන්ට නොමිලේ කිරි පැකට්ටුවක් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට අද (23) පෙරුවරුවේ එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ […]


Jul
23

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

බංග්ලාදේශ සංචාරයෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කරන ලෙසට කී‍්‍රඩා අමාත්‍යවරයා කළ නියෝගය පිළිබඳ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. කෙසේවෙතත් අදාළ නියෝගය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියා. ඒ අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවැත්වෙන සාකච්ඡාවේ ප‍්‍රතිඵල […]


News Articles
Latest Videos
Most Popular Post