News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

මීගමුවේ සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක

Generic placeholder image

පාස්කු ප්‍රහාරයෙන් පසුව රජය විසින් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබා දුන් සහන කිසිවක් මෙතෙක් නොලැබුණ බව පවසමින් මීගමුවේ සංචාරක ව්‍යාපාරිකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. අද(21) උදෑසන මීගමුව, ඒත්තුකාල ඩොල්ෆින් හන්දිය ප්‍රදේශයේ පැවති මෙම උද්ඝෝෂණය සඳහා මීගමුව සංචාරක හෝටල් ටැක්සි සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා. එම සංගමයේ සභාපති රංජිත් ෆර්නෑන්ඩු මහතා කියා සිටියේ, මුදල් […]


Jun
21

අද තරගයේ ශ්‍රි ලංකා මැද පෙළට අවිශ්කට අවස්ථාව

Generic placeholder image

තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිත ශ්‍රි ලංකා -එංගලන්ත තරගය සඳහා ශ්‍රි ලංකා මැද පෙළ පිතුකරුවෙකු ලෙස අවිශ්ක ප්‍රනාන්දු එක් වීමට බොහෝ විට ඉඩ ඇති බව වාර්තා වෙනවා.පසුගිය තරග තුළ ශ්‍රි ලංකා මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණිම මේ වෙනසට හේතුව වන්නට ඇත.


Jun
21

විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ටත් මෙවර සා.පෙළ විභාගයට අවස්ථාව

Generic placeholder image

විදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයින් රැසක් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ද පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඉතාලිය, ඕමානය හා කාටර් රාජ්‍යවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට මෙවර එම අවස්ථාව හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. […]


Jun
21

කොළඹ තැන් කීපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට (22) දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සහ ජුබිලි ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව මණ්ඩලය […]


Jun
21

පාසල් නොයන ළමුන් පිළිබඳ වහා පියවර ගන්න – අකිලගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

පාසල් නොයන ළමුන් පිළිබඳ තොරතුරු වාර්තා වු විගස ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට කිසිඳු බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් විවිධ කරුණු හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින බවට මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වාර්තා වු වහාම […]


Jun
21

පාප්වහන්සේ බැහැදැකීමට කාදිනල් හිමියන් වතිකානුවට

Generic placeholder image

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධ වු ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට වතිකානුවට ගොස් තිබෙනවා. උන්වහන්සේ බැහැදැකිමට පැය කිහිපයකට පෙර රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහරය සම්බන්ධයෙන් ලැබි තිබු බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට නොගැනීම හා ඒ ප්‍රහාරයෙන් පසු රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි. […]


Jun
21

දුම්රිය වර්ජනය හෙතුවෙන් ලංගමයෙන් අමතර බස් 800ක්

Generic placeholder image

සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් කියා සිටියේ මුදල් අමාත්‍යාංශය තම වැටුප් විෂමතාව සඳහා විසදුම් ලබාදීමට අපොහොසත්වීම නිසා මෙලෙස වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 40 ක් අවලංගු කෙරුණු අතර, ධාවනය වුයේ 10 ක් පමණයි. ඉන්ධන ප්‍රවාහන දුම්රිය එලෙසම […]


Jun
21

කුමාර වෙල්ගමගේ නඩුව ජුලි 12ට කල් යයි

Generic placeholder image

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර අල්ලස් කොමිසම හා විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය […]


Jun
21

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න විශේෂ කාරක සභාව අදත් රැස්වෙයි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (21) පස්වරු 02ට රැස්වීමට නියමිතව තිබෙනවා. කාරක සභාව හමුවේ මෙතෙක් ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් එහිදි තවදුරටත් අවධානය යොමු කෙරෙන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් පාර්ලිමේන්තු විශේෂ […]


Jun
21

මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්

Generic placeholder image

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා. එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මේ බව පැවසනු ලැබුවා. අද(21) උදෑසන පාර්ලිමේන්තුව හමුවේ මෙම යෝජනාව ආශු මාරසිංහ මහතා විසින් ඉදිරිපත් කර සිටි අතර විශ්වවිද්‍යාලයට අයත් […]


Jun
21

වර්ජනය තිබුනත් කාර්යාලයීය දුම්රිය 08ක් ධාවනය කෙරේ

Generic placeholder image

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයක නිරත වුවද, කාර්යාලයීය දුම්රිය 08ක් අද උදෑසන ප‍්‍රදේශ කිහිපයක සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළා. මාතර, ගාල්ල, හලාවත, රඹුක්කන සහ මහව එක් දුම්රිය බැගින් සහ මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය 02ක් එලෙස ගමන් ආරම්භ කළා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු කියා සිටියේ එම සියලූ දුම්රියන් උදෑසන 09ට පෙර කොළඹ කොටුව […]


Jun
21

දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවයි. එබැවින් ධීවර හා නාවික ප්‍රජාව […]


News Articles
Latest Videos
Most Popular Post