සයින්දමරුදු ප්‍රහාරයට පුද්ගලයින් හා බෝම්බ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන වෑන් රථයක් ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා. අදාළ වෑන් රථයේ අංකය 250-5680 ලෙසයි වාර්තා වෙන්නේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රතික්‍ෂේප කර කියා තිබෙන්නේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි. රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වලට අනුබල ලබාදෙන දේශපාලනඥයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසා තිබෙනවා. එමෙන්ම හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පැවසුවේ දේශපාලන හිතවත්කම් නොතිබුණේ නම් අදාල ප්‍රහාර මාලාව වලක්වා ගත හැකිව තිබූ බවයි.
එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර ඇති බව වාර්තා වූයේ.29 හැවිරිදි සැකකරු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ. ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.කේරළයේ […]
නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකාට ලබාදීමට, තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව කැප කිරීමක් සිදු කිරීමට සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (29) රැස්වූ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ අදහස් පළ කර තිබුනා. එහිදී “ඇමති මණ්ඩලය 30කට සීමා විය යුතු නිසා සරත් […]
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි EP PX- 2399 දරණ ලොරි රථය පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී සොයාගෙන ඇත්තේ සැකකරුවන් 03 දෙනෙකුද සමගින්. මෙම සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්ණ කීරීම් සිදුවෙනවා.
පසුගිය දින කිහිපයේ ලංකාවේ පැවති වාතාවරණය හේතුවෙන් රජය විසින් අවහිර කර තිබූ සමාජ ජාලා තහනම මීට සුළු මොහොතකට පෙර ඉවත්කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ සම්භන්දයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනයයි.
කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළග තබාගෙන සිටි ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්තී‍්‍ර එච්. එම්. අලි උස්මාන් සහ ඔහුගේ සහොදරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. නාවල පාර, පල්ලිය පටුමග ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා. බි‍්‍රතාන්‍ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි. […]
මොහොමඞ් ඊබ‍්‍රහිම් ශාහීද් අබ්දුල් හක් ඊට පෙර දිනයේදී අනුරාධපුරයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ‘ඇතිගේ ජෙරාල් යසින්ත සිල්වා’ ලෙස ව්‍යාජ නමකින් පෙනී සිට ජාතික හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර තිබෙනවා. එහි ලිපිනය සඳහන් වී ඇත්තේ අංක 188/M, දෙවන පටුමග, රෝහල පාර, කඳාන ලෙසයි. ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ අනුරාධපුරයේ තවත් අයෙකු සහ ගල්නෑවේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී […]
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින “ෆොනී” චන්ඩ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දිනකිහිපය තුළ දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.“ෆොනී” චන්ඩ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 12 තුළ දී මෙම […]