News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

දැනට වාර්තාවන මියගිය ගණන 207යි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

Generic placeholder image

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මේ වන විට නිල වශයෙන් මිය ගිය ගණන 207ක් බවට තොරතුරු තමන්ට වාර්තා වී ඇති බවයි. මෙහිදී වැඩිම මෘතදේහ ගණනක් ඇත්තේ මීගමුව රෝහලේ බවයි ඔහු ප්‍රකාශකර සිටියේ. එම ගණන 104ක්. එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මෘතදේහ 64ක් තැම්පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් […]


Apr
21

හෙට දිනයේදී ඉන්ධන හිගයක්?

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්දන පිරවුම්හල් ආශ්‍රිත දැඩි රථ වාහන තද බදයක් මතුව ඇති අතර දිගු පෝලිම් දක්නට ලැබෙනවා. පවතින තත්වයත් සමඟ හෙට දිනයේදී ඉන්ධන හිගයක් ඇති වියහැකි බවයි වාර්තා වෙන්නේ..එමෙන්ම ආරක්ෂක හේතූන් මත ඉන්ධන බෝතල් වලට පිරවීම නතර කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.


Apr
21

ඇඳිරි නීතිය දැන් සිට ක්‍රියාත්මක කෙරේ

Generic placeholder image

මොහොතේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.


Apr
21

මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් – ඇමති රුවන්

Generic placeholder image

ප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේම දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියත්මක කිරීමටත් රජය අවධානය යොමුකර තිබේ. අන්තවාදී කණ්ඩායම් සඳහා කිසිම ඉඩක් නොමැති බවත් අද සිට අන්තවාදී කණ්ඩායම්වලට දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.


Apr
21

රට පුරා සවස 6 සිට පොලිස් ඇඳිරි නීතිය

Generic placeholder image

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඇති වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය නිසා අද (21) සවස 6.00 සිට පසුවදා (22) උදෑසන 6.00 දක්වා රට පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Apr
21

දෙමටගොඩ ප්‍රදේශයේත් පිපිරීමක්

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර දෙමටගොඩ ප්‍රදේශයේ මහවිල උද්‍යාන වීදියේ නිවාස ස0කීර්ණයක පිපිරීමක් හට ගෙන තිබෙනවා.


Apr
21

දෙහිවල සත්ව උද්‍යානය අසල පිපිරීමක්

Generic placeholder image

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පිපිරීම් 6 ක් සිදු වී තිබෙන අතර මීට සුළු මොහොතකට පෙර දෙහිවල  දෙහිවල සත්ව උද්‍යානය අසල පිපිරීමක්  සිදු වී තිබෙන බව අප මාධ්‍ය වාර්තා කරුවන් වාර්තා කරා. මේ හේතුවෙන් දෙහිවල සත්ව උද්‍යානය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.මේ වන විට එම ස්ථානයේ සිට දෙදෙනෙකුව කළුබෝවිල ජාතික රොහල වෙත […]


Apr
21

පොලිසියේ නිවාඩු අවලංගුයි

Generic placeholder image

වහම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.


Apr
21

සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ශයට

Generic placeholder image

ශැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ශයට පත්ව ඇති අතර අද උදෑසන ඔවුන් ලබාගත් අවසන් ඡායාරූපය  ඇය ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යයේ පල කර තිබුණේ මේ ආකාරයටයි.


Apr
21

අගමැතිතුමාගෙන් විශේෂ ටුවිටර් ප්‍රකාශයක්

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසින්හ මහතා රටේ මේ වන විට සිදු වී තිබෙන සිදු වීම දැඩි ලෙස හෙළා දකින බව සිය ටුවිටර් ගිණුම වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව සිදු වී තිබෙන තත්ත්වය සාමකාමීව, එක්සත්ව, ශක්තිමත්ව කටයුතු කරන ලෙස එතුමා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Apr
21

මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙලා දකිනවා – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Generic placeholder image

අද පෙරවරුවේ සිදු වූ කණගාටුදායක සිද්ධිය පිළිකුල් සහගතව හෙලා දකින බව පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. තවද මියගිය හා තුවාල ලැබූ පවුල් වල අයට තමාගේ කණගාටුව ප්‍රකාශ කළ කාදිනල් තුමන් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලිමක්ද සිදු කළා. ඒ හැකි පමණින් ලේ බැංකු වෙත  රුධිර පරිත්‍යාගයන් සිදු කරන ලෙසත්, නීතිය අතට […]


Apr
21

රජයෙන් ජනතාව වෙත විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

රටේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් රජය ජනතාව වෙත විශේෂ දැනුම්දීම් කිහිපයක් සිදු කර සිටිනවා. ඒ අනුව පොදු ප්‍රවාහන භාවිතා කිරීමේදී අවම වශයෙන් ඒවා භාවිතා කරන ලෙසත් ,සෙනඟ ගැවසෙන ස්ථාන වල ගැවසීමෙන් වලකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවද පිපිරීම් සිදු වූ ස්ථාන වල ගැවසීමෙන් වලකින ලෙසත් ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post