උතුරු කොරියා නායක කිම් ජොංග් අන් සහ රුසියා ජනාධිපති වැලැදිමීර් පුටින් අතර හමුවක් මෙම මාසයේදී සිදුවීමට නියමිත බව රුසියා රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. 2002 වසරෙන් පසුව රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් උතුරු කොරියානු නායකයෙක් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි. මිට පෙර වත්මන් උතුරු කොරියානු නායකයාගේ පියා සහ රුසියානු ජනපතිවරයා අතර හමුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය […]
‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රාවණා වන් ගමන් ආරම්භ කළේ. රාවණා – වන් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායකත්වය ලබා දි ඇත්තේ ශ්‍රි ලංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන දෙදෙනායි. චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක ප්‍රමාණයකින් සහ කිලෝග්‍රැම් 1.05 බරින් […]
ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට දෝහා කටාර් වලදී ආරම්භ වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිමාලි ලියනආරච්චි විසින්. 1973 වසරේ ආරම්භ වූ ආසියා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 14 ක් සය ලෝකඩ පදක්කම් 19 ක් දිනා ගෙන තිබෙනවා.
සියත කෝකිල වසන්තය – 2019 අද හිගුරක්ගොඩ ගම්උදාව ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. අද පෙරවරු 08 00 සිට සියත ටීවී ඔස්සේ සජීවීව සියත කෝකිල වසන්තය නැරඹිය හැකියි. හෙළ ජන ක්‍රිඩා සහ තවත් ආකර්ෂණීය ක්‍රිඩා රැසක් මේ වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා. කාන්තා පිරිමි පාපැදි සවාරිය අවුරුදු කුමරා සහ කුමරිය ගම හරහා දිවීම කොට්ටා පොර ආදී තරග රාශියක් අවුරුදු උළෙල […]
දෙවන පාසල් වාරය සඳහා රජයේ දෙමළ හා සිංහල මාධ්‍ය පාසල් ලබන 22 වැනි දා විවෘත කිරීමට නියමිතයි. සියලු පාසල් පරිශ්‍රවල අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල් පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙහි අරමුණ […]
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත්ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සුදුසු අවස්ථාවේ ඉදිරිපත්කරන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයෙ අනුරාධපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් […]
මුදල් කොල්ලකට සම්භන්ධ පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ රුපියල් 20 000 ක මුදලක් කොල්ලකා ඇති බවට ලද පැමිනිල්ලක් අනුව සිදු කල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුට ගන්නා අවස්ථාවේ සැකකරුවන් ෂතුව තිබී හෙරොයින් ද තිබී සොයා ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හා 27 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.
කවුරුත් බලාසිටි ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කරා. ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි. අවිශ්ක ප්‍රනාන්දු ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් ඇන්ජලෝ මැතිව්ස් ධනංජය සිල්වා ජෙෆ්‍රි වැන්ඩසේ ලසිත් මාලිංග තිසර පෙරේරා ඉසුරු උදාන නුවන් ප්‍රදීප් ජීවන් මෙන්ඩිස් මිලින්ද […]
පන්නිපිටිය අඹගහහන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සමග පොලිසිය කටයුතු කර තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ලොවම කම්පා කරමින් හදිසියේ ගින්නකට අසු වූ නොත්‍ර දාම් දේවස්ථානය පැවතියාටත් වඩා ඉතා ආකර්ෂණීය ලෙස වසර 5ක් තුළ ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කරනවා. මෙම ගොඩනැගිල්ල වසර 850 ක් පමණ පැරණියි. ඉන් ඊට විශාල ලෙස හානි සිදු වුණා.
දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබීමත් සමඟ ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පිටියෙන් සමුගැනීමට නියමිතව තිබෙන බවට වූ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන පුවත අසත්‍ය බව ලසිත් මාලිංග ප්‍රකාශ කරනවා.