අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් චන්ද්‍රිකා නාශක මිසයිලයක් යොදාගනිමින් පුපුරවා හැරීමට ඉන්දියාව කටයුතු කිරීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දැඩි තර්ජනයක් බව නාසා ආයතනය පවසනවා. ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන් ස්ටයින් පවසන්නේ මේ හේතුවෙන් ඇති වූ සුන්බුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44%කින් ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවමත් අනතුරුදායක මට්ටමකට පත්ව නොමැති බව […]
බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7 500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම දඩය ඔහු වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා ගෙවන ගාස්තුවට සමානයි. බොරැල්ල, කිංසි හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග සංඥා උල්ලංඝනය කරමින් ක්‍රීඩක දිමුත් කරුණාරත්න ධාවනය කළ ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එහි […]
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ වියලි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර සීග්‍රයෙන් සිදෙමින් පවතින බවයි. ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිඛෙන […]
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ මහරගම බහුමහල් රථ වාහන අංගනය සහ සුකිත පුරවර ව්‍යාපෘතිය එලි දැක්වීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක් වෙමින්.
විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන් ම ඒවා ළග තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී යි. විෂ මත්ද්‍රව්‍ය […]
ජපන් දුම්රිය සේවයට අලුත්ම දුම්රියක් ධාවනය සඳහා යොදවා තියෙනවා. මේ දුම්රියේ තියෙන විශේශත්වය මේ දුම්රිය අති සුඛෝපභෝගී, ඒ වගේම නිදන ඇඳන් සහිත නිදන මැදිරි, විවේක මැදිරි මෙහි ඇතුළත් වෙනවා. කිසිම අපහසුතාවයකින් තොරව මේ දුම්රිය ඇතුළෙ ගමන් කරන්න මගීන්ට පුළුවන්.
ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා අදහස් දක්වා ඇති බවයි. […]
සුුදුසුකම් සපිරූ විදුහල්පතිවරුන් සිටියදී අත්දැකීම් අඩු විදුහල්පතිවරුන් දේශපාලන උවමනා මත පාසල් වලට පත් කිරීමෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැගී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ අධ්‍යාපන පරිපාලන පළමු පංතියේ විදුහල්පතිවරුන් පත් කල යුතු ඇතැම් ජාතික පාසල් සදහා තුන් වැනි පංතියේ විදුහල්පතිවරුන් පත් කර […]
පසුගිය සති කිහිපයට සාපේක්ෂව සහල් මිළ ගණන් අඩු වි තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේයේ සංඛ්‍යා දත්ත කළමණාකාර එච් ජී ලයනල් මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය පුරා මෙම තත්වය පැවතිය හැකි බවයි.
විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නව තාක්ෂණික ක්‍රමෝපායක් සම්භන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා. නව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විෂය බාර අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව ඇති බවයි අමාත්‍යාංශය සදහන් කලේ. තවත් වසර එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය […]
ඌව පළාතේ සියලු රෝහල් වල වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ සාමාජික පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් මෙය සිදු කරන බවයි. ඌව පළාතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය පළමු ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබද විශේෂ සාකච්ඡාවක් […]
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අද සිදු කිරිමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය පෙරවරු 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගී වුණා. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු […]