ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/6GZYW08rlBU
ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසීස් බුටෙෆිලිකා සුදානම් වනවා. ඔහුගේ ධූර කාලය අවසන් වන්නේ ලබන 28 වනදායි. එරට පවතින විරෝධතා හමුවේ අබ්දෙලාසීස් බුටෙෆිලිකා සිය ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . පස්වන වරටත් ඇල්ජීරියානු ජනාධිපතිවරණය සදහා තරඟවැදිමට අබ්දෙලාසීස් […]
ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවයි. මෙම තත්වය මත ඇතැම් ප්‍රදේශ වල ජල සැපයුම් සීමා කර තිබෙනවා. ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික […]
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හො`ද අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්. හොඳම දේ දරුවන්ටයි, සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකෙරුණු රංගශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල ඊයේ පස්වරුව් […]
දඹුල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී හට ගත් ගැටුම් වලින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් ඇතුළත් කලේ දඹුල්ල රෝහලටයි. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය ඉදි කර වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණා. පොලීසිය පැවසුවේ බීමතින් සිටි බොහෝ දෙනෙකු අතර මෙම ගැටුම් හට ගෙන ඇති බවයි. දඹුල්ල මූලික රෝහලේ අනතුරු වාට්ටුව අලූයම් […]
පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා නොකරන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කලා. කතානායකවරයා මේ බව සදහන් කලේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා අතර ඊයේ පැවති උණුසුම් තත්වය පිිළිබදව අදහස් දක්වමින්. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ […]
හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ මොරටුමුල්ල ප්‍රදේශයේදී 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ රිය අනතුරු වලින් සිදුවන ජීවිත හානිය අවම කර ගැනීමයි. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ… රිය […]
ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 176.6ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 172.8 ලෙස දක්වා තිබෙනවා.ඒ අනුව රුපියලේ අගය ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවා.
අප්‍රේල් 15 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද ස්වදේශ කටයුතු අමාත්‍යාංශ කටයුතු කළා.
වහාම මැතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ අමාත්‍යංශ වැය ශීර්ෂයක් පරාජයට පත්වීම හරහා රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේද යන ප්‍රශ්නය හමුවේයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනුයි.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අදාළ වැය ශීර්ෂය […]
සුරතල් සතුන්ට අපි කවුරුත් කැමතියි. ආදරෙයි. ඒ අතරින් සුනඛයින්ට හම්බවෙන්නෙ ඉහළ ස්ථානයක්. මිනිසාගේ ලඟම සහ හොඳම මිතුරා සුනඛයා කියලා කියමන් පවා බිහිවෙලා තියෙන්නෙ අන්න ඒ නිසයි. එක්තරා තරුණියක් සිය ෆේස්බුක් ගිණුමේ තම සුනඛයා පිළිබඳව යොදා තිබුණ සංවේදී සටහනක් අපට හමුවුණා. එය ඔබට පහතින් නැරඹිය හැකියි. චූටි මැණික ❤️ 2012 ඔයා මං ලගට එද්දි මාස එකහාමාරක චූටි […]