ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තායේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත් දෙරටේ ගුවන් හමුදාවන්හි ප්‍රහාරක යානා […]
මත්ද්‍රව්‍ය භාවිත කරන පාලකයන් සිටින රට මත්ද්‍රව්‍ය පැතිරයාම අසාමාන්‍ය කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ අද(27) පැවැති ජනහමුවකට එක්වෙමින්. මත්ද්‍රව්‍යවල විෂ අද වන විට සෑම තැනම ඇති බවත්, කුඩු භාවිතා කරන පුද්ගලයින් රට පාලනය කරන්නේ නම්, මීට වඩා වෙනසක් බලාපොරොත්තු විය […]
දුම්රිය රියදුරන් ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විශේෂ මහා සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත , […]
කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. සිය ගැටලු කිහිපයක් පිළිබඳව කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති.
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා කළ මේ ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත්කළ අතර එහි සභාපති ලෙස අමාත්‍ය ලක්ෂමන් […]
Hip hop music තේමාව කර ගත්ත රැප් ඉවෙන්ට් එකක් දෙවෙනි වරටත් මාර්තු පළවෙනිදා පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර මේ එක සංවිධානය කරලා තියෙන්නෙ Bump N Grind. DJ කරන්නෙ Supun, Dila Jay, basecraft, loop out and MinolD කියන අයයි. මේ Event එක ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙන නිසා සංවිධායකවරුන් සියලු දෙනාටම ආරාධනා කරනවා. හැමෝටම එන්න මාර්තු 01 lounge එකට horton place , colombo 07.
පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී අදහස් ප‍්‍රකාශ කර නොමැති බවට වාර්තා වෙනවා. Manthri.lk නැමති වෙබ් අඩවිය මගින් සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබෙනවා. මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් 12 දෙනෙකුම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්තී‍්‍රවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. ඒ මන්ත්‍රී ලයිස්තුව පහතින්. ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ – සරත් […]
කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවට ඉහළ අහසේ ගුවන් තහනම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා. ඒ අනුව සියලූ වාණිජ ගුවන් යානා සඳහා එම ගුවන් කලාපය තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. මේ අතර ජම්මු කාශ්මීර කලාපය තුලදී අද (27) ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් යානය කොටස් දෙකකට […]
අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රි‘රෝද රථයක සිටි සිය මාස පහක නැගණිය, අවුරුදු හයක සොයුරා, තම පියා හා තමාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක දරුවෙකු ඊයේ සමත්කම් දක්වා තිබෙනවා. මෙය සිදුකරනු ලැබුවේ, පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නම් වූ වයස අවුරුදු 10ක දරුවෙක්.ඔවුන් අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්‍රි‘රෝද රථයේ […]
එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. ඔවුන් මේ බව පැවසූයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ජනාධිපතිවරයා පොලිස් විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලීසියට නායකත්වය ලබාදුන්දා සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය […]
සිය දේශසීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව විසින් ඊයේ එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් පාකිස්ථානය මේ වන විට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.ජම්මු හා කාශ්මීර් දේශසීමාවේ පිහිටි ඉන්දීය ආරක්ෂක හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර ගනිමින් පාකිස්ථාන හමුදාව ඊයේ රාත්‍රියේ සිට මෝටාර් ඇතුළු බර අවි උපයෝගී කර ගනිමින් ප්‍රහාරයක් එල්ල […]